
ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ පසුගිය 10 වැනිදා රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදීය.
ඒ අනුව ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පී.ආර්.එස්.එස්. ගුණරත්න මහතාගේ නාමයෝජනාවට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කාරක සභාවේ සාමාජිකයින් වන අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, නීතීඥ හර්ෂණ නානායක්කාර, රාමලිංගම් චන්ද්‍රසේකර්, ආචාර්ය උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිසාඩ් බදියුදීන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, ජනාධිපති නීති: එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් සහභාගි විය.


















































