header logo
SLIC
උණුසුම් පුවත්
ගම්පහ ඔස්මන් තවදුරටත් රැඳවුම් භාරයේ
Jun 12, 202604:34 PM
ගම්පහ ඔස්මන් තවදුරටත් රැඳවුම් භාරයේ
Mobitel 1278

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ඩ් නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව පැවසීය.

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදනය තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම ගණේමුල්ල සංජීව නමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර, සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන්ද ලේඛනයක් ඒ අතර තිබී හමුවූ බව පෙන්වා දුන් පොලීසිය මේ තුළින් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවත් පැවසීය.

ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමුවූ බවත් ඒවා පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පොලීසිය මෙහිදී සඳහන් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් දින 30 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

මෙහිදී සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිටින සිය සේවාදායකයා හමුවීමට තමන් ගිය අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බව පැවසුවේය.

නමුත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඉන් අනතුරුව මෙම පැමිණල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි