header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අභියාචනයත් ප්‍රතික්ෂේප වූ ශෂී වීරවංශ - නඩුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
Jun 11, 202609:11 PM
අභියාචනයත් ප්‍රතික්ෂේප වූ ශෂී වීරවංශ - නඩුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
Mobitel 1278

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට 2022 වසරේ මැයි මස 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කරනු ලැබීය.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළේය.

අනතුරුව එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනුකළේය.

දීර්ඝ කාලයක් සිදු කෙරුණු එම අභියාචනා විභාගයෙන් අනතුරුව අද දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ස්ථීර කරන බවය.

"විත්තිකාරිය 1967 වසරේ පෙබරවාරි මස 01 වනදා ඉපදුණු බව සඳහන් කරමින් 675320203V දරණ අංකය යටතේ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන තිබෙනවා. ඉන් පසුව 1971 වසරේ පෙබරවාරි මස 03 වනදා ඉපදුණු බව සඳහන් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. සාවද්‍ය තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබාගත් විදේශ ගමන් බලපත්‍රය 'අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක්' ලෙස සැලකෙනවා.

එසේ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමට කිසිවෙකුට කිසිදු නෛතික හිමිකමක් නැහැ. අදාල විදේශ ගමන් බලපත්‍රයේ අක්ෂර වල ගැටලුවක් තිබූ බව විත්තිකාරිය සිය විත්තිවාචකය තුළින් සඳහන් කළත් එම වරද නිවැරැදි කර ගැනීමට ඇය ක්‍රියා කර නැහැ.

එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදි මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ සාක්ෂි අධික ලෙස තක්සේරු කරමින් තමන් වරදකරු කළ බව විත්තිකාරිය සිය අභියාචනාවේ සදහන් කර තිබුණද එම තීන්දුව අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ මහේස්ත්‍රාත්වරයා තමන් හමුවට ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදි ලෙස විශ්ලේෂණය කරමින් එම තීන්දුව ලබා දී ඇති බවයි."

ඒ අනුව විත්තිකාරිය අදාළ චෝදනා වලට වරදකරු කරමින් 2022 වසරේ මැයි මස 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරන බව පැවසූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාරිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරන බවට නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිවද ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..