හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
June 10, 2026 04:42 pm
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.
ඒ අනුව, මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිළ ග්‍රාමසේවා වසම් වලත්, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පරකන්දෙණිය, කොස්ඉන්න, ඇබරළුව ඉඹුල්ගොඩ හා යාගොඩ යන ප්‍රදේශ වලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන් වෙයි.
හෙට (11) ප.ව. 7සිට අනිද්දා 12 පෙ.ව 7.00 දක්වා පැය 12.00ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව සඳහන් වෙයි.
ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බවයි.
