
මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (09) රාත්‍රී කාලයේ වැල්ලවත්ත පොලිස් වසමේ ෆෙඩ්රිකා පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 65ක් වූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ නිවසේම පදිංචි මිතුරෙකු සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අවුරුදු 56ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































