කාලගුණයෙන් රතු නිවේදනයක්
June 10, 2026 10:45 am
කන්තකසන්තතුරය සිට මන්තනාරම හරහා කල්පපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (10) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (11) උදෑසන 10.30 දක්වා වූ පැය 24 සඳහා බලපැවැත්වේ.
ඒ අනුව ඉහත මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 - 60 දක්වා වැඩි වන අතර, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2 - 2.5 දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.
