header logo
SLIC
උණුසුම් පුවත්
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය
Jun 09, 202609:34 PM
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය
Mobitel 1278

යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය සමාලෝචනය කිරීම සහ මහ කන්නය සඳහා පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සූදානම සම්බන්ධයෙන් පොහොර සමාගම් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පොහොර ආනයනය සහ බෙදා හැරීම පිළිබඳ පොහොර සමාගම්වල ඇති සූදානම සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලූ ජනාධිපති ලේකම්වරයා, ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳවද විමසා බැලීය.

මහ කන්නයට හිඟයකින් තොරව නිසි පරිදි පොහොර ලබාදීම වෙනුවෙන් පොහොර ආනයනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය කාල සටහනකට අනුව සිදු කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

එමෙන්ම, සැප්තැම්බර් මස මුලදී මහ කන්නය ආරම්භ වන විට ගොවින් වෙත නිසි පරිදි පොහොර බෙදා හැරීම සහ පොහොර ආනයනයේදී ලෝක වෙළෙඳපොළහි පොහොර මිල උච්චාවචනය වීමේ ප්‍රවණතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස් කිරිමටත්, ජුලි මස මුල් භාගයේදි එහි ප්‍රගතිය විමසා බැලීමටත් මෙහිදී සියලු පාර්ශ්ව එකඟතාව පළ කළහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජානකී අමරතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති බී. සී. ඩබ්. සේතුගේ මහතාද, CIC කෘෂි නිෂ්පාදන පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුජීව විජයවීර, නිව් ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ අධ්‍යක්ෂ ඊ.කේ. සිසිර කුමාර, හේලීස් පොහොර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමුද්‍ර රාජපක්ෂ, ඇලයිඩ් පොහොර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් අබේසිංහ යන මහත්වරුන් සහ පෞද්ගලික ආයතන ප්‍රධානීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි