header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජ්‍ය ආයතන 189ක් අතරින් 50කම ඩෙංගු මදුරු කීටයින්
Jun 09, 202604:16 PM
රාජ්‍ය ආයතන 189ක් අතරින් 50කම ඩෙංගු මදුරු කීටයින්
Mobitel 1278

තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097 ක් හදුනා ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන ඊයේ (08) දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72කින් ආරම්භ විය.

මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන හෙට (10) දින දක්වා ක්‍රියාත්මක වන අතර අද එහි දෙවන දිනයයි.

ඊයේ (08) දිනය තුළ සිදුකරන ලද පරිශ්‍ර පරීක්ෂාවන් සහ ක්‍රියාත්මකකළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සවිස්තර වාර්තාවක් නිකුත් කර ඇත.

එම වාර්තාවට අනුව ඊයේ දිනය තුළ පරීක්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 31,196කි.

ඉන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන සහිත පරිශ්‍ර 8,121ක් හදුනාගෙන ඇත.

එමෙන්ම ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හඳුනාගත් බව ද එම වාර්තාව තුළින් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

ඊයේ දිනය තුළ නිවේදන 1,165ක් නිකුත් කරමින් 789 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

පාසල් 56ක් ද ඊයේ දිනය තුළ පරික්ෂාවට ලක්කර ඇති අතර, ඉන් 31% ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන හදුනාගෙන ඇති අතර, පාසල් 07කින් ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිශ්‍ර 178ක සිදුකළ පරීක්ෂාවේ දී ඉන් 93ක ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බව හදුනාගෙන ඇති අතර, ස්ථාන 41ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇති අතර 24කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

රාජ්‍ය ආයතන 189ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් ආයතන 50කම ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇත.

එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 70ක් ද හදුනාගෙන ඇත.

පරීක්ෂාවට ලක් කළ ආගමික ස්ථාන 96 ක් අතරින් ආගමික ස්ථාන 18කම ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇත. එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 42ක් ද හදුනාගෙන ඇත.

ඊයේ දිනය තුළ කර්මාන්ත ශාලා පරිශ්‍ර 77ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 17ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇත.

තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී ඊයේ දිනය තුළ නිවාස පරිශ්‍ර 28,230 පරීක්ෂා කර ඇති අතර, මදුරුවන් බෝවීමේ අවදානම් පරිශ්‍ර 7,088 ක් සහ පරිශ්‍ර 1,760ක ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇත. නිවාස 657කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දත්තවලට අනුව පාසල් සහ ඉදිකිරීම් බිමි වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනී යන අතර, එබැවින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් කටයුතු කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම තෙදින ඩෙංගු මර්දන වැඩසටහනට හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana