header logo
SLIC
උණුසුම් පුවත්
දිවයින වටා මුහුද රළු වෙයි - ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
Jun 08, 202605:25 PM
දිවයින වටා මුහුද රළු වෙයි - ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
Mobitel 1278

දිවයින වටා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුද රළු වීම හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කන්කසන්තුරය, යාපනය, මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුදු රළ ඉතා ඉහළ මට්ටමකට එසවීමේ අවදානමක් පවතින බව නිවේදනයේ සඳහන් වෙයි.

මේ නිසා කන්කසන්තුරේ, යාපනය, මන්නාරම, පුත්තලම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා සහ සාම්ප්‍රදායික යාත්‍රා හිමිකරුවන්හට නැවත දැනුම්දෙන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩිව අවධාරණය කරයි.

මේ අතර, කල්පිටියේ සිට හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය වැඩිවීමේ හා රළ ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන් වෙයි.

එම ප්‍රදේශවල රැකියාවේ නිරතවන ධීවරයින් මුහුදු යාමට පෙර පවතින තත්ත්වය පිළිබඳව මනා ලෙස සැලකිලිමත් විය යුතු අතර, ආරක්ෂිතව රැකියාව කළ හැකි යෝග්‍ය තත්ත්වයක් පවතී නම් පමණක් ධීවර කටයුතුවල නිරත වන ලෙසත්, අවදානම් අවස්ථාවලදී රැකියාවෙන් බැහැර වන ලෙසත් දැනුම් දී සිටියි

"ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේ සිට, මුහුදේ රැකියාවේ නිරත වන කාලය සහ නැවත ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන තෙක් සම්පූර්ණ කාලය පුරාවටම 'ජීවිතාරක්ෂක කබා' (Life Jackets) පැළඳ සිටීම අනිවාර්ය බව අපි නැවතත් මතක් කරනවා. පසුගිය කාලසීමාව තුළ සිදු වූ අනතුරුවලදී ජීවිතාරක්ෂක කබා නිසි පරිදි පැළඳ සිටි ධීවරයින්ගේ ජීවිත සුරක්ෂිත වූ අතර, එසේ නොකළ පිරිස්වලට සිය වටිනා ජීවිත අහිමි වීමට සිදු වූ බව ඔබ සැම සිහි තබා ගත යුතුයි."

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව මඟින් වරින් වර නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි