header logo
SLIC
උණුසුම් පුවත්
හොරණ බැංකු කොල්ලයට කොටුවූ කළමනාකරු බැංකු පරිශ්‍රයට රැගෙන එයි
Jun 07, 202603:58 PM
හොරණ බැංකු කොල්ලයට කොටුවූ කළමනාකරු බැංකු පරිශ්‍රයට රැගෙන එයි
EDEX

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු අද (07) දිනයේ අදාළ බැංකුව වෙත රැගෙන ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඔහුව මිල්ලනිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවද සඳහන්.

මෙම සහකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හොරණ මහේස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (06) අවසර ලබා දී තිබුණි.

එමෙන්ම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර කිහිපයක තැන්පත් කිරීම සඳහා රුපියල් කෝටි තුනහමාරක මුදලක් රැගෙන යමින් තිබියදී කොල්ලකරුවෙක් එය පැහැරගත් බවට හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය ජුනි 3 වෙනිදාය.

එම මුදල් තොගය භාරව සිටි සහකාර කළමනාකරුගෙන් පොලිසිය අඛණ්ඩව ප්‍රශ්න කළත් වැදගත් හෝඩුවාවක් අනාවරණය නොවීම හේතුවෙන් පොලිස්පතිවරයා එම විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරුණි.

එම නිලධාරීන් බැංකුවේ සී.සී.ටී.වි. දර්ශන පරීක්ෂා කළ අතර එහිදී බැංකුවේ අතිරේක කළමනාකරු එදින පෙරවරුවේ බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබා ගන්නා ආකාරය දැකගත හැකිව ඇත.

බැංකුවෙන් පිටතට පැමිණෙන ස්ථානයක කිසිදු සී.සී.ටීවි කැමරාවක් සවිකර නොතිබු අතර අවට පිහිටි සී.සී.ටීවි. කැමරා පරීක්ෂා කළ පරීක්ෂණ නිළධාරින්ට සැකකටයුතු පුද්ගලයෙකු මුදල් මළු රැගෙන යන ආකාරයක් දැකගැනිමට හැකිව නැත.

එමෙන්ම බැංකු පරීශ්‍රයේ සිදුකළ සොදිසියේදි අබලි ද්‍රව්‍ය යොදන කන්ටෙනර් පෙට්ටියක තිබි රුපියල් 1,740,000ක මුදලක් සොයා ගැනිමට විමර්ශන නිළධාරින්ට හැකිව තිබේ.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැක මතුව ඇත්තේ සැකකාර අතිරේක කළමනාකරු ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් ඉතා සැලසුම් සහගතව මුදල් කොල්ල කෑ බවටය.

ඒ අනුව සැකකාර අතිරේක කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

සැකකාර අතිරේක කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකථන වාර්තා ලබා ගැනීමටත්, නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීමටත් හොරණ ප්‍රධාන මහේස්ත්‍රත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බැංකුවේ අතිරේක කළමනාකරු වෑවල ගංගොඩ ප්‍රදේශයේ 54 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට