header logo
SLIC
උණුසුම් පුවත්
අතරමග නතර වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිකිරීම් නැවත ඇරඹෙයි
Jun 07, 202612:34 PM
අතරමග නතර වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිකිරීම් නැවත ඇරඹෙයි
Mobitel 1278

දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මහා පරිමාණ ව්‍යාපෘති 25 ක වැඩකටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම කටයුතු ආරම්භ කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පූර්ණ මඟ‌පෙන්වීම සහ උපදෙස් අනුව මෙම පුළුල් සහ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

ඒ අනුව වර්ෂ 2014, 2016, 2017, 2018, 2019, 2024 යන වර්ෂයන්වල ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතූන් මත අතරමඟ ඉදිකිරීම් නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති අතරින් මහා පරිමාණ ව්‍යාපෘති 25ක් මෙම වැඩසටහනට ඇතුළත් වේ.

ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළුව අත්‍යාවශ්‍ය බවට හදුනාගනු ලැබූ ප්‍රධාන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25 වැඩකටයුතු අවසන් කිරීම සඳහා 2025 අයවැය ප්‍රතිපාදන මඟින් මිලියන 16,000ක මුදලක් වෙන් කරනු ලැබු අතර 2026 මෙම වසරේ වෙන් කළ මුදල රුපියල් මිලියන 19,000 කි. රුපියල් මිලියන 38,000ක මුදලක් 2027 වසරේ දී වෙන් කිරීමට සැලසුම් කර ඇත.

ළමා හා මාතෘ සෞඛ්‍ය නංවාලීම, පිළිකා ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, හෘද සහ තැලසීමියා රෝගී ප්‍රතිකාර සත්කාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ ජාතික මධ්‍යස්ථාන, හදිසි අනතුරු සත්කාර සේවා ශක්තිමත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් මෙම වැඩසටහනට ඇතුළත් ය.

ඒ යටතේ 2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ සහ වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අති නවීන පහසුකම් ද ඇතුළත් කර මේ වනවිට අවසන් කර ඇති අතර ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 389 කි.

එමෙන්ම 2017 වසරේ ආරම්භ කරන ලද රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහල් 12 කින් යුත් "පුංචි හදවත්" ඒකකයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියර ළඟා වී ඇති අතර ඒ සඳහා වෙන් කරන ලද ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 6218 කි‍.

2016 වසරේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මහනුවර ජාතික පිළිකා ප්‍රතිකාර ඒකකයේ අදියර 2 යටතේ වු මහල් 8 ක ඉදිකිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර ඒ සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 400කි.

එමෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් ගොඩනැගිල්ල සහ සය මහල් පිළිකා රෝග ඒකකයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම ඉදිකිරිම් කටයුතු සඳහා වත්මන් රජය 2026 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000 කි.

යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකක ගොඩනැගිල්ල, මඩකලපුව සහ හම්බන්තොට වකුගඩු සත්කාරක ප්‍රතිකාර ඒකක ගොඩනැගිලි සහ මහනුවර ජාතික රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකක ගොඩනැගිල්ල යන ව්‍යාපෘති වල ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතී. මෙම ව්‍යාපෘති සඳහා 2026 වසර සඳහා රුපියල් මිලියන 1,750 ක මුදලක් වෙන් කර ඇත.

2014 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නැවතී තිබු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟා වෙමින් පවතී. මේ සඳහා 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කළ මුදල රුපියල් මිලියන 3,000 කි.

මුල්ලේරියාව ජාතික ආඝාත මධ්‍යස්ථානයේ රෝග විනිශ්චය අංශය, කෑගල්ල, ත්‍රිකුණාමලය, අම්පාර, හලාවත සහ මහනුවර යන රෝහල්වල බාහිර රෝගී සහ හදිසි අනතුරු ඒකක ඉදිකිරීම් සහ අදාළ කටයුතු මේ වන විට සාර්ථක කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,750 කි.

මෙම වසර අවසන් වීමට පෙර මෙරට රෝහල් පද්ධතිය තුළ ආසාදිත අපද්‍රව්‍ය දහනය කරන යන්ත්‍ර (Incinerators) 15 ක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම අවන් අදියරේ පවතින අතර ඒ සඳහා රජය සහ JICA ඒකාබද්ධ ව්‍යාපෘතියක් දැනට සාර්ථකව ක්‍රියාත්මක වේ.

මීට අමතරව රත්නපුර රෝහලේ හෘද රෝග සත්කාර සංකීර්ණය, කළුතර මහල් 04 කින් සමන්විත හෙද අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල, අනුරාධපුර හෙද විදුහලේ අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල සහ හෙද නිල නිවාසය, ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨයේ මහල් 06 කින් යුත් නේවාසිකාගාර ගොඩනැගිල්ල යන ඉදිකිරීම් කටයුතු ද මේ වනවිටත් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී.

ඉහත ව්‍යාපෘතීන් වලට අමතරව රෝහල්වල යටිතල පහසුකම් නවීකරණය සහ පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 8,800 කට අධික මුදලක් වෙන් කොට ඒවායේ වැඩකටයුතු ද මේ වනවිට ද ආරම්භ කර ඇත.

මෙම සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා සේවයට හැකි ඉක්මනින් එක් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් දැනටමත් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි