header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව තවත් මිලියන 1.3කින් ඉහළට
Jun 06, 202609:29 AM
ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව තවත් මිලියන 1.3කින් ඉහළට
Mobitel 1278

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව, තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.

එම වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණයකට අනුව, ලෝකයටම බලපෑ මෙම අර්බුදයෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හා සෝමාලියාව යන රටවල් සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම් මත මෙලෙස මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.

එම වාර්තාවට අනුව සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව තවත් මිලියන 2.5කින් ඉහළ ගොස් ඇත.

ඇෆ්ගනිස්තානයේ එම තත්ත්වය මිලියන 2.3කින් ඉහළ ගොස් බව අදාළ වාර්තාවේ දැක්වේ.

ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කාව් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම රටවල බලශක්ති මිල සහ ආහාර මිල අතර සහසම්බන්ධය ඉතා තදින් පැවතීමය.

දුප්පත්ම රටවල ජනතාව ඔවුන් උපයන මුදලින් වැඩි කොටසක් ආහාර සඳහා වියදම් කරන බවත්, ඒ හේතුවෙන් ආහාර මිල ඉහළ යන විට ඔවුන්ට අඩුවෙන් ආහාර පරිභෝජනය කිරීමට සිදුව ඇති බවත් ස්කාව් මෙහිදි වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව මැදපෙරදිග අර්බුදය ඉදිරියේදී සමනය වුවද, ආහාර හා ඉන්ධන මිල ඉහළ යාම, වෙළෙඳ කටයුතු බිඳවැටීම නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල මත ඉදිරි මාස කිහිපය තුළ මෙම රටවල ආහාර අර්බුදය තවදුරටත් තීව්‍ර විය හැකි බව WFP වාර්තාවේ දැක්වේ.

ජූනි මාසය අවසන් වන විට ලොව පුරා මිලියන 45ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක පවතින අතර, දැනටමත් ආධාර කප්පාදුවලට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන, මෙම මානුෂීය අර්බුදය වළක්වා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

සාගින්න තුරන් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වන ලොව විශාලතම මානවවාදී සංවිධානය වන්නේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana