header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රු. කෝටි 3.5 කොල්ලයට සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්
Jun 05, 202610:21 PM
රු. කෝටි 3.5 කොල්ලයට සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්
Mobitel 1278

හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව හෙට (06) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගන්නා බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධව මේ දක්වා සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සහකාර කළමනාකාරවරයා විසින් නිරූපිකාවන් ඇතුළු කාන්තාවක් රැසක් ඇසුරු කරමින් මුදල් වියදම් කර ඇති බවය.

මේ හේතුවෙන් ඔහු අධික ලෙස ණය වි ඇති බවත් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

පසුගිය 03 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

සිදුවීම සිදුවන දින එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු කළමනාකරු හමුවට පැමිණ සහකාර කළමනාකරු සේවා මධ්‍යස්ථාන දෙකක් කරා රැගෙන යාමට බැංකුවෙන් පිටතට රැගෙන ගිය මුදල් මළු බැංකු පරිශ්‍රය තුළදී පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් කොල්ල කා පලා ගොස් ඇති බවට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති කළමනාකරු කඩිනමින් බැංකු පරිශ්‍රයෙන් පිටතට පැමිණ පරීක්ෂා කර බලා කිසිදු සැක කටයුතු පුද්ගලයෙකු හඳුනාගැනීමට නොහැකි වී ඇති බැවින් කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සිද්ධිය සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී සහකාර කළමනාකරු විසින් බැංකුවෙන් පිටතට රැගෙන යන මුදල්වල වටිනාකම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 නෝට්ටුවලින් මෙම කෝටි තුනහමාරක මුදල අඩංගු එම බැංකුවේ ලාංඡනය සහිත රෙදි මළු දෙකක් කොල්ල කා ඇති බවට තහවුරු කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

අදාළ කොල්ලය සිදුවීමෙන් අනතුරුව මුදල් මළු දෙක භාරව සිටි සහකාර කළමනාකරු පොලිසිය වෙත රැගෙන විත් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමෙන් කිසිදු වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

ඒ අනුව එහි පැමිණි අදාළ කොට්ඨාසයේ නිලධාරීන් විසින් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සහකාර කළමනාකරු එදින පෙරවරුවේ බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ කැමරාවල සටහන් වී ඇති බවට අනාවරණය කරගෙන තිබුණි.

නමුත් ඔහු මුදල් රැගන පිටවීමට සූදානම් වන්නේ ඊටත් පැය කිහිපයකට පසු පස්වරුවේ වන අතර බැංකුව අභ්‍යන්තරයේ කැමරා සවිකර ඇතත් බැංකු පරිශයෙන් පිටවන දොර එහි පැත්තක පිහිටා ඇති බැවින් එම පෙදෙසට බැංකුවෙන් CCTV කැමරා සවිකර නොමැති බවද සැකකටයුතු පුද්ගලයෙකු මුදල් මළු දෙකක් රැගෙන යන ආකාරයක් අවට පිහිටි CCTV කැමරාවල සටහන් වී නොමැති බවද අනාවරණය වී ඇත.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර සහකාර කළමනාකරු ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් ඉතා සැලසුම් සහගතව මෙකී මුදල් කොල්ල කෑ බවට රංගනයක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අද (05) අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කළේය.

මේ අතර සැකකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත්, නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීමටත් හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය නියෝග කර තිබේ.

බස්නාහිර පලාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑවල, ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි බැංකුවේ සහකාර කළමනාකරු සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරිවරයෙකි.

සැකකරුවන් දෙදෙනා මේ වන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ රඳවා සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ