header logo
SLIC
උණුසුම් පුවත්
රු. කෝටි 3.5 කොල්ලයට සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්
Jun 05, 202610:21 PM
රු. කෝටි 3.5 කොල්ලයට සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්
EDEX

හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව හෙට (06) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගන්නා බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධව මේ දක්වා සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සහකාර කළමනාකාරවරයා විසින් නිරූපිකාවන් ඇතුළු කාන්තාවක් රැසක් ඇසුරු කරමින් මුදල් වියදම් කර ඇති බවය.

මේ හේතුවෙන් ඔහු අධික ලෙස ණය වි ඇති බවත් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

පසුගිය 03 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

සිදුවීම සිදුවන දින එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු කළමනාකරු හමුවට පැමිණ සහකාර කළමනාකරු සේවා මධ්‍යස්ථාන දෙකක් කරා රැගෙන යාමට බැංකුවෙන් පිටතට රැගෙන ගිය මුදල් මළු බැංකු පරිශ්‍රය තුළදී පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් කොල්ල කා පලා ගොස් ඇති බවට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති කළමනාකරු කඩිනමින් බැංකු පරිශ්‍රයෙන් පිටතට පැමිණ පරීක්ෂා කර බලා කිසිදු සැක කටයුතු පුද්ගලයෙකු හඳුනාගැනීමට නොහැකි වී ඇති බැවින් කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සිද්ධිය සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී සහකාර කළමනාකරු විසින් බැංකුවෙන් පිටතට රැගෙන යන මුදල්වල වටිනාකම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 නෝට්ටුවලින් මෙම කෝටි තුනහමාරක මුදල අඩංගු එම බැංකුවේ ලාංඡනය සහිත රෙදි මළු දෙකක් කොල්ල කා ඇති බවට තහවුරු කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

අදාළ කොල්ලය සිදුවීමෙන් අනතුරුව මුදල් මළු දෙක භාරව සිටි සහකාර කළමනාකරු පොලිසිය වෙත රැගෙන විත් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමෙන් කිසිදු වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

ඒ අනුව එහි පැමිණි අදාළ කොට්ඨාසයේ නිලධාරීන් විසින් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සහකාර කළමනාකරු එදින පෙරවරුවේ බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ කැමරාවල සටහන් වී ඇති බවට අනාවරණය කරගෙන තිබුණි.

නමුත් ඔහු මුදල් රැගන පිටවීමට සූදානම් වන්නේ ඊටත් පැය කිහිපයකට පසු පස්වරුවේ වන අතර බැංකුව අභ්‍යන්තරයේ කැමරා සවිකර ඇතත් බැංකු පරිශයෙන් පිටවන දොර එහි පැත්තක පිහිටා ඇති බැවින් එම පෙදෙසට බැංකුවෙන් CCTV කැමරා සවිකර නොමැති බවද සැකකටයුතු පුද්ගලයෙකු මුදල් මළු දෙකක් රැගෙන යන ආකාරයක් අවට පිහිටි CCTV කැමරාවල සටහන් වී නොමැති බවද අනාවරණය වී ඇත.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර සහකාර කළමනාකරු ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් ඉතා සැලසුම් සහගතව මෙකී මුදල් කොල්ල කෑ බවට රංගනයක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අද (05) අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කළේය.

මේ අතර සැකකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත්, නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීමටත් හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය නියෝග කර තිබේ.

බස්නාහිර පලාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑවල, ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි බැංකුවේ සහකාර කළමනාකරු සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරිවරයෙකි.

සැකකරුවන් දෙදෙනා මේ වන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ රඳවා සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට