header logo
Vallibel FD
උණුසුම් පුවත්
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 35,228ක් - මරණ 20යි
Jun 05, 202612:36 PM
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 35,228ක් - මරණ 20යි
Mobitel 1278

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,228 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් ඔහු‍ ප්‍රකාශ කළේ, මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 30ත්-40ත් අතර ප්‍රමාණයක වර්ධනයක් වන බවය.

මේ රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව සඳහන්ය.

දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත්, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙත්, සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙත්, වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනා‌ගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු රෝගීන්ගෙන් සියයට 80ක් පමණ වාර්තාවී ඇත්තේ, කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලිනි.

දිට්වා සුළිකුණාටු තත්ත්වයත් සමඟ මෙරට තුළ ඇති වූ අධික වර්ෂාපතනයත්, ඉන් අනතුරුව විටින් විට ලැබුණු වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ති‌බේ.

මේ අතර අද (05) දිනයේදී තවත් ඩෙංගු මරණයක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් ඒ සමඟින් මේ වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේය.

මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් පස් දෙනෙක් සිටින බවත් සෙසු පිරිස කාන්තාවන් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙලෙස මිය ගිය පිරිස අතරට ළමුන් තිදෙනෙකු ද ඇතුළත්ව සිටිති.

2025 වසරේදී ඩෙංගු රෝගීන් 29 දෙනෙකු මිය ගොස් ඇති බව ද එහිදී වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් කියාසිටියේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට