header logo
SLIC
උණුසුම් පුවත්
ලෝක පරිසර දිනය අදයි
Jun 05, 202606:44 AM
ලෝක පරිසර දිනය අදයි
Mobitel 1278

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

1972 වසරේ සිට දශක පහකට වැඩි කාලයක් කාලීන පාරිසරික තේමාවක් යටතේ පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීමට සහ ගෝලීයව පැන නගින පාරිසරික ගැටලු පිළිබඳ ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරදීම පිණිස මෙම දිනය නම් කර තිබේ.

මෙවර ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් "Urgent Climate Action" (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම තේමාව මඟින් අවධාරණය කෙරේ.

ඒ අනුව, අද පැවැත්වෙන ජගත් පරිසර දිනයේදී කඩිනම් දේශගුණික ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම සහ ඉහළ යන උෂ්ණත්වය කළමනාකරණය කිරීම සඳහා ගෝලීය උත්සහායන් වේගවත් කිරීම අවධාරණය කරනු ලබන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන දේශගුණික විපර්යාස වර්තමානය වන විට ප්‍රධානතම මානව අභියෝගය ලෙස සමස්ත ලෝකවාසීන් විසින් හඳුනාගෙන ඇති බව එහි සඳහන්ය.

මෙය මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මගින් හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදා හැරීමේ සෘජු ප්‍රතිඵලයක් බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව විසින් තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය මගින් ප්‍රකාශ කර ඇති පරිදි, ඉදිරි දශක කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු නොවුනහොත් මෙම සියවස තුල ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකයි දශම නවයකින් ඉහළ යා හැකි බවත්, එමඟින් පෘතුවිය මත ජීවත්වන සියලු ජීවීන්ට අහිතකර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට මත පලවෙයි.

එම නිසා ලොව සියලු රාජ්‍යයන් විසින් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව තිබෙන බව සඳහන්ය.

පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතය, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ දැමීම, වන වගාව කසළ ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රියාමාර්ග හරහා බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකාර්මාන්තය, වන සම්පත් හා ඝන අපද්‍රව්‍ය යන ක්ෂේත්‍රවලින් සිදුවන කාබන් විමෝචනය අඩු කිරීම මගින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහිත අනාගතයක් වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවද දේශගුණික විපර්යාස වල දැඩි බලපෑමට ලක්ව ඇති අතර අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයකින් පසුව ඇතිවන හදිසි ජලගැලීම් හා නායයෑම් දීර්ඝ වියළි කාලගුණික තත්ත්වයක් හේතු කොටගෙන ඇතිවන ජල හිඟය ආදී ආන්තික කාලගුණික තත්ත්වයන් සුලභ තත්වයන් බවට පත්ව තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට සක්‍රීයව දායක වෙමින් " දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු" යන දේශීය තේමාව පෙරදැරිව පරිසර සංරක්ෂණ අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය සමරනු ලබයි.

ඒ අනුව පරිසර දින වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව පරිසර අමාත්‍යය ධම්මික පටමැදි මහතා පැවසීය.

පරිසරය ආරක්ෂා කර ගැනීම මෙරට තුළ අණ පනත් විශාල සංඛ්‍යාවක් තිබුණද පසුගිය කාලයේ පැවති දේශපාලන සංස්කෘතිය මගින් එම පනත් සහ නීති රෙගුලාසි අභිබවා දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි පරිසර විනාශයන් සිදු කළ බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.

පරිසර පරිසරය විනාශ කිරීම සඳහා වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පසුගිය වසර දෙක කාලය තුළ ලැබූ ප්‍රධානම ජයග්‍රහණය බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි