header logo
SLIC
උණුසුම් පුවත්
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගත් තීරණය
Jun 02, 202611:15 AM
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගත් තීරණය
Mobitel 1278

යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියෝග කර ඇති සංක්‍රමණිකයන්, සංගමයට අයත් නොවන තෙවන පාර්ශවීය රටවල පිහිටි මධ්‍යස්ථාන වෙත යැවීමට අවසර දෙන නව නීති මාලාවකට යුරෝපා සංගමයේ නීති සම්පාදකයින් සහ රටවල් විසින් එකඟතාවයකට පැමිණ ඇත.

කෙසේ වෙතත්, මෙම පියවර හරහා මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවිය හැකි බවට මානව හිමිකම් කණ්ඩායම් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

දක්ෂිණාංශික දේශපාලන පක්ෂවලින් එල්ල වන බලපෑම් හමුවේ යුරෝපා සංගමයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීමේ පුළුල් පියවරක කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ඳසහන් වේ.

එහෙත්, පසුගිය වසරේදී නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම 26% කින් පහත වැටී තිබූ අතර, එය 2021 වසරෙන් පසු වාර්තා වූ අවම අගය ඒය බව පෙන්වා දී තිබේ.

යුරෝපා සංගමයේ රජයන් සහ යුරෝපීය පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය තවමත් අවශ්‍ය වන මෙම නව පනත් කෙටුම්පත, පසුගිය වසරේදී යුරෝපීය කොමිසම විසින් යෝජනා කරන ලද්දකි.

කොමිසම පවසන්නේ මෙමඟින් මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින්, පුද්ගලයන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ඒ සඳහා රජයන්ට වැඩි ඉඩක් ලැබෙනු ඇති බවය.

කෙසේ වෙතත්, මානව හිමිකම් සංවිධාන එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.

ලියකියවිලි රහිත සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සහයෝගිතා සංසදයේ (PICUM) ප්‍රකාශ කළේ, "මෙම රෙගුලාසිය මඟින් අතිශය දැඩි රැඳවුම් සහ පිටුවහල් කිරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය වනු ඇති" බවය.

යුරෝපා සංගමයේ රටවල් පවසන්නේ ප්‍රතික්ෂේප කරන ලද සරණාගත ඉල්ලුම්කරුවන් සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටින්නන් තම රටවලින් පිටත් කර හැරීමට තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බවය.

කොමිසමට අනුව, දැනට රටින් පිටවීමට නියෝග ලැබූවන්ගෙන් ඉවත් වන්නේ 20% කට ආසන්න ප්‍රමාණයක් පමණි.

මෙම නව නීතිය යටතේ සරණාගත ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වූ හෝ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියෝග ලැබූ පුද්ගලයන් සඳහා යුරෝපා සංගමයෙන් පිටත "පිටුවහල් කිරීමේ මධ්‍යස්ථාන" පිහිටුවීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට හැකියාව ලැබේ. පිටුවහල් කරනු ලබන පුද්ගලයන්, ඔවුන් සමඟ කිසිදු සම්බන්ධයක් නැති රටවල පිහිටි මධ්‍යස්ථාන වෙත වුවද යැවීමට මෙයින් අවකාශ සැලසේ.

යුරෝපීය කොමසාරිස් Magnus Brunner පවසා ඇත්තේ, මෙම නව නීති හරහා යුරෝපා සංගමයට පැමිණිය හැක්කේ කාටද, රැඳී සිටිය හැක්කේ කාටද සහ ඉවත් විය යුත්තේ කාටද යන්න පිළිබඳව වඩා වැඩි පාලනයක් ලැබෙනු ඇති බවය.

කෙසේ වෙතත්, සංක්‍රමණිකයන් භාරගන්නා විදේශීය රටවල් මොනවාද යන්න සාමාජික රටවල් මෙතෙක් හෙළි කර නොමැත.

මෙම පනත් කෙටුම්පත මඟින් රැඳවුම් කාල සීමාවන් දීර්ඝ කරන අතර, සහයෝගය නොදක්වන්නන් සඳහා ඇතුල්වීම් තහනම් කිරීම්, දඩ මුදල් සහ සාපරාධී දඬුවම් ද හඳුන්වා දී තිබේ.

එමෙන්ම, බලධාරීන්ට සංක්‍රමණිකයන්ගේ දේපළ රාජසන්තක කිරීමට, බාලවයස්කරුවන් රඳවා තබා ගැනීමට, ජෛවමිතික දත්ත රැස් කිරීමට සහ නිවාස පරීක්ෂා කිරීමට ද අවසර හිමි වේ.

ඇතැම් යුරෝපා සංගමයේ රටවල් දැනටමත් මෙවැනි ක්‍රමවේදයන් ගවේෂණය කිරීමට පටන් ගෙන ඇත. නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, ග්‍රීසිය සහ ඔස්ට්‍රියාව සමඟ එක්ව ඒකාබද්ධ පිටුවහල් කිරීමේ සහ සංක්‍රමණික මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරමින් සිටින අතර, උගන්ඩාව සමඟ මේ සම්බන්ධයෙන් පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා දැනට තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට