header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි
Jun 02, 202606:21 AM
ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි
Mobitel 1278

අමෙරිකානු සැලැස්මකට අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවත්, ඒ වෙනුවට ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවත් ලෙබනනය ප්‍රකාශ කරයි.

අමෙරිකාවේ පිහිටි ලෙබනන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, "ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නැවැත්වීම සඳහා වන අමෙරිකානු යෝජනාව හෙස්බුල් සංවිධානය විසින් පිළිගත් බවට තහවුරු කිරීම් ලැබී ඇති" බවය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මෙම එකඟතාව තහවුරු කර ඇති නමුත්, "හිස්බුල්ලා සංවිධානය අපගේ නගර සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන්නේ නම්" බේරූට් වෙත එල්ල කරන ප්‍රහාර ඉදිරියටත් ක්‍රියාත්මක වන බවට අනතුරු ඇඟවීය.

ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන මිලිටරි ක්‍රියාමාර්ග දැනට පවතින අමෙරිකා-ඉරාන සටන් විරාමයට තර්ජනයක් බවට ඉරානය අනතුරු ඇඟවීමෙන් පසුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් නෙතන්යාහු සහ හිස්බුල්ලා නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවත් සියලු වෙඩි තැබීම් නැවැත්වීමට ඔවුන් එකඟ වූ බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නිවේදන නිකුත් වී තිබේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ , සැලසුම් කර ඇති පරිදි ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) දකුණු ලෙබනනය තුළ සිය මෙහෙයුම් දිගටම කරගෙන යනු ඇති බවය.

මේ අතර, සටන නැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වූ බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇතැම් ගැටුම් දිගටම පැවතුණ බව සඳහන්වේ.

උතුරු ඊශ්‍රායලයේ ගම්මාන දෙකක් අසල පිහිටි ඊශ්‍රායල ටැංකි සහ සොල්දාදුවන්ට ඩ්‍රෝන යානා සහ "කාලතුවක්කු ප්‍රහාර මාලාවක්" භාවිතා කරමින් ප්‍රහාර තුනක් එල්ල කළ බව හෙස්බුල් සංවිධානය පැවසීය.

මීට අමතරව, ලෙබනනයේ ඊශ්‍රායල මිලිටරි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරානය අමෙරිකාව සමඟ පවත්වන වක්‍ර සාකච්ඡා අත්හිටුවිය හැකි බව ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කළේය.

ඉරානයේ ප්‍රබල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ පුවත් ඒජන්සිය වැඩිදුරටත් කියා සිටියේ, ඉරානය සහ එහි මිත්‍ර පාර්ශවයන් විසින් රතු මුහුදේ පිවිසුමේ ඇති "බාබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධිය සක්‍රීය කළ හැකි" බවය.

නමුත් පසුව Truth Social හි තැබූ සටහන් වල ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ඉරානය සමඟ සාකච්ඡා "ඉතා වේගයකින්" සිදුවෙමින් පවතින බවත්, තමන් නෙතන්යාහු සහ හිස්බුල්ලා නියෝජිතයන් සමඟ කතා කළ බවත්ය.

අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් අප්‍රේල් 8 වනදා බලාත්මක වූ නමුත් එය සටන් අවසන් කිරීමට අපොහොසත් වී ඇත.

මාස තුනක් තිස්සේ පවතින මෙම යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ඵලදායී ලෙස වසා දමා ඇති අතර, එමඟින් ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇත.

ලෝකයේ තෙල් සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

වොෂින්ටනය සහ ටෙහෙරානය ස්ථිර ගිවිසුමකට ආසන්න බවත් සාකච්ඡා ප්‍රගතියක් ලබමින් පවතින බවත් ජනපති ට්‍රම්ප් මෑත දිනවලදී නැවත නැවතත් ප්‍රකාශ කර ඇතත්, මෙතෙක් කිසිදු නිල ගිවිසුමකට එළඹ නැත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්