
පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (01) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු වැලිකන්ද හා වාලච්චේන රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් පසු වැලිකන්ද රෝහල ඇතුළත් කළ තරුණයා මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 20ක් වූ වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ ටිපර් රථයද පෙරළී ගොස් ඇති අතර රියැදුරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.
වාලච්චෙන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































