header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
Jun 01, 202603:45 PM
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
Mobitel 1278

බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් එක්වෙමින් පවසා සිටියේ, අද සිට මෙම ඉහළ දැමීම සිදුකරන බවය.

ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්ධන මිල සංශෝධන හේතුවෙන් ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟ ආනයනික භාණ්ඩවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවය.

ලිහිසි තෙල්, ටයර් සහ වාහන අමතර කොටස් ඇතුළු ප්‍රවාහන කර්මාන්තයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, නඩත්තු වියදම් වැඩි වීමත් හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.

ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා බහාලුම් ප්‍රවාහන රථ නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන අතර, වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම වියදම් ද ඉහළ ගොස් ඇති බව සනත් මංජුල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, බහාලුම් ප්‍රවාහන සේවා සඳහා අදාළ ගාස්තු අද සිට සියයට 5කින් වැඩි වනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

"පසුගිය දිනවල සිදුවූ ඉන්ධ මිල සංශෝධයන් සමඟ සමස්ථ ලෙස ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගියා. ඒ එක්කම ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒක බලපෑවා අපේ ප්‍රවාහන කර්මාන්තයට. මොකද මේ වෙනකොට අපේ වාහනවල සියලුම අමතර කොටස්, විශේෂයෙන්ම ලිහිසි තෙල්වල මිල, ටයර්වල මිල සහ අමතර කොටස්වල මිල ඉතා සීඝ්‍රලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ සියලුදේටම අමතර විශේෂයෙන්ම මේ ඉන්ධන මිල ඉහළයෑම එක්ක අපේ ප්‍රවාහන කර්මාන්තයට දැඩිව බලපාලා තියෙනවා.

ආනයන, අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පත්වාගෙන යන්න මේ ලොරි රථවල නඩත්තු සේවා කිරීම් අනිවාර්යෙන්ම පවත්වාගෙන යන්න ඕනේ. මොකද මේ වෙනකොට රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයක් එක්ක මේ වෙනකොට නඩත්තු සේවා පවා ඉහළ ගිහින් තියෙනවා. ඒ සියලු කාරණා හේතුකොට ගෙන තමයි අපි මේ මිල ගණන් වැඩිකිරීමට කටයුතු කරගෙන යන්නේ."

MostRead
Mobitel 1278
VideoStories
පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...