
ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ කාන්තාව මාර්ගය හරහා ගමන් කිරීමට යාමේ දී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස 65ක් පමණ වන ඇඹිලිපිටිය කටුවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අනතුරින් මියගිය කාන්තාව ඇතුළු පවුලේ පිරිස ඊයේ (30) යතුරුපැදි දෙකකින් ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පිහිටි ඥාතිවරයෙකුගේ නිවසට ගොස් ඇති අතර එහි සිට නැවත ඇඹිලිපිටිය ප්‍රදේශය වෙත යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.
ඔවුන් වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී යතුරුපැදී නවතා මාර්ගය හරහා වෙරළට ගමන් කිරීමට යාමේ දී මෙලෙස කාන්තාව බස් රථයේ ගැටී ඇති බව වාර්තා වේ.

















































