
නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර හමුවක් අද (31) පස්වරුවේ පවත්වා තිබේ.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් සිය ස්තූතිය පිරිනමන බවය.
මෙහිදී පාර්ලිමේන්තු සහයෝගීතාව ඉහළ නැංවීම, රජයන් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සහයෝගය දැක්වීම මෙන්ම වෙළඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

















































