
වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පානදුර සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අදාළ කාන්තාව සුදු හා දුඹුරු පැහැති සාරියක් හැඳ සිට ඇති අතර ඇය සතුව කොළ පැහැති මල්ලක් තිබී ඇති බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලීසිය පැවසීය.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































