header logo
SLIC
උණුසුම් පුවත්
සමාජ මාධ්‍ය තහනමෙන් දරුවන් තවත් අවදානමක?
May 31, 202610:35 AM
සමාජ මාධ්‍ය තහනමෙන් දරුවන් තවත් අවදානමක?
Mobitel 1278

වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ඔවුන් ආරක්ෂා වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ස්කොට්ලන්තයේ ළමා කොමසාරිස්වරිය පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇය අනතුරු අඟවන්නේ මෙවැනි තහනමකින් සිදු වන්නේ දරුවන් මීට වඩා අවදානම් සහගත සහ නීති විරෝධී වෙබ් අඩවි වෙත යොමු වීමට ඉඩ ඇති බවයි.

ඒ වෙනුවට කළ යුත්තේ සමාජ මාධ්‍ය සමාගම් වගකීම් සහගත ලෙස බැඳ තැබීම බව ඇය පවසා ඇත.

සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාවක් පැනවිය යුතුද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජය පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

සමාජ මාධ්‍ය මඟින් දරුවන්ට නොයෙකුත් හිරිහැර, සූරාකෑම් සහ හානිකර දේවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇය පිළිගෙන ඇති නමුත්, ඒ සමඟම දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු සෙවීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට ද සමාජ මාධ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇය පෙන්වා දෙයි.

"මෙවැනි තහනම් කිරීම් ගැන තවමත් ඇත්තේ සීමිත සාක්ෂි ප්‍රමාණයක්. මෙවැනි තොග පිටින් පනවන තහංචි නිසා සමාජ මාධ්‍ය සමාගම් තමන්ගේ වගකීම්වලින් මිදී, එම වගකීම දරුවන් පිට පැටවීමේ අවදානමක් තියෙනවා," යැයි ඇය පැවසුවාය.

විශේෂයෙන්ම ඈත පළාත්වල ජීවත් වන දරුවන්ට, විදේශයන්හි සිටින තම පවුලේ අය සමඟ සම්බන්ධ වන දරුවන්ට සහ ආබාධිත දරුවන්ට මෙවැනි තහනමකින් වඩාත් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඇය සඳහන් කරයි.

එබැවින් ඇය නිර්දේශ කරන්නේ, සමාජ මාධ්‍යවල තිබෙන හානිකර අංග පාලනය කිරීමටත්, දරුවන්ගේ වයසට සහ පරිණතභාවයට ගැළපෙන නීති සකස් කිරීමටත් කටයුතු කළ යුතු බවයි.

මේ අතර, දරුවන් අන්තර්ජාලය තුළ වඩාත් හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2026 මාර්තු මාසයේදී විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී සමාජ මාධ්‍ය සඳහා නීත්‍යානුකූල අවම වයස් සීමාවක් පැනවීම, වීඩියෝ ඉබේම ධාවනය වීම සහ සීමාවක් නොමැතිව පහළට යා හැකි පිටු වැනි අංග පාලනය කිරීම සහ දැඩි ලෙස වයස පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට