header logo
SLIC
උණුසුම් පුවත්
තැන තැන සිදුවූ මාරක අනතුරු - පුද්ගලයින් 5ක් මරුට
May 31, 202609:50 AM
තැන තැන සිදුවූ මාරක අනතුරු - පුද්ගලයින් 5ක් මරුට
EDEX

මහියංගණය පොලිස් වසමේ කෙසෙල්පොත ඉකිරියගොඩ අතුරු මාර්ගයේ ඉකිරියගොඩ ප්‍රදේශයේදී කෙසෙල්පොත දෙසට ධාවනය වූ යතුරුපැදියක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (30) දහවල් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු, පැදිකාරිය සහ ඇයගේ දියණිය මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.

මරණකරු අවුරුදු 22ක් වූ මහියංගණය ප්‍රදේශයේ මාපාකඩවැව් පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ඊයේ දහවල් වැලිවේරිය පොලිස් වසමේ වැලිවේරිය දෙල්ගොඩ මාර්ගයේ වැලිවේරිය නගරයේදී දෙල්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී ත්‍රීරෝද රථයේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ අවුරුදු 59ක් වූ හේනේගම ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පින්දෙණිය පොලිස් වසමේ ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ කොටියාකුඹුර ප්‍රදේශයේදී ගලිගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී ඊයේ (30) අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා තොරණගහපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 70 ක් වූ අරුක්ගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ දහවල් මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල පස්යාල මාර්ගයේ ඩි.එස්. හන්දිය අසලදී පස්යාල දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් සිදුවී මාර්ගයේ එක්පසක නවතා තිබියදී පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් එහි රියැදුරුට ත්‍රීරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු හා පසුපස අසුනේ ගමන්කළ පුද්ගලයෙකු මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසුපස අසුනේ ගමන් කල පුද්ගලයා මියගොස් ඇත.

මරණකරු අවුරුදු 53 ක් වූ පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර, ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කතකන්දගොඩ හන්දිය අසලදී ඇල්පිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ අයිනේ ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

ඊයේ දහවල් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු අවුරුදු 46ක් වූ හිරණ, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට