header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
තැන තැන සිදුවූ මාරක අනතුරු - පුද්ගලයින් 5ක් මරුට
May 31, 202609:50 AM
තැන තැන සිදුවූ මාරක අනතුරු - පුද්ගලයින් 5ක් මරුට
Mobitel 1278

මහියංගණය පොලිස් වසමේ කෙසෙල්පොත ඉකිරියගොඩ අතුරු මාර්ගයේ ඉකිරියගොඩ ප්‍රදේශයේදී කෙසෙල්පොත දෙසට ධාවනය වූ යතුරුපැදියක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (30) දහවල් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු, පැදිකාරිය සහ ඇයගේ දියණිය මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.

මරණකරු අවුරුදු 22ක් වූ මහියංගණය ප්‍රදේශයේ මාපාකඩවැව් පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ඊයේ දහවල් වැලිවේරිය පොලිස් වසමේ වැලිවේරිය දෙල්ගොඩ මාර්ගයේ වැලිවේරිය නගරයේදී දෙල්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී ත්‍රීරෝද රථයේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ අවුරුදු 59ක් වූ හේනේගම ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පින්දෙණිය පොලිස් වසමේ ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ කොටියාකුඹුර ප්‍රදේශයේදී ගලිගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී ඊයේ (30) අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා තොරණගහපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 70 ක් වූ අරුක්ගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ දහවල් මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල පස්යාල මාර්ගයේ ඩි.එස්. හන්දිය අසලදී පස්යාල දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් සිදුවී මාර්ගයේ එක්පසක නවතා තිබියදී පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් එහි රියැදුරුට ත්‍රීරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු හා පසුපස අසුනේ ගමන්කළ පුද්ගලයෙකු මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසුපස අසුනේ ගමන් කල පුද්ගලයා මියගොස් ඇත.

මරණකරු අවුරුදු 53 ක් වූ පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර, ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කතකන්දගොඩ හන්දිය අසලදී ඇල්පිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ අයිනේ ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

ඊයේ දහවල් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු අවුරුදු 46ක් වූ හිරණ, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana