
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලය විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරන ‘ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල ‘ දෙරණ 24 පැයේ බත් දන්සල, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (30) ආරම්භ වීමට නියමිතය.
අද රාත්‍රී 7.00ට ආරම්භ වන මෙම දන්සල හෙට රාත්‍රී 7.00 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන්.
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහ නගර සභාව එක්ව 2024 වසරේ සිට මෙම බත් දන්සල සංවිධානය කරනු ලබයි.
පැය 24ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක දෙරණ බත් දන්සල සදහා පෙර අවස්ථා දෙකේදීම අතිවිශාල ජන සහභාගීත්වයක් පැවතුණි.

















































