header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය
May 30, 202609:34 AM
ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය
Mobitel 1278

වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජීවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අප සැවොම ජිවත් වන බව වෙසක් දින පණිවුඩය යොමුකරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ දන්වා සිටී.

හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්‍රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව උන් වහන්සේලා මෙහිදී අවධාරණය කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම වෙසක් දින ආශීර්වාද පණිවුඩය නිකුත් කර ඇත.

ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය

ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථ චර්යාවෙහි යෙදෙන උතුම් ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යය සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ අනුස්මරණියතම පුණෝත්සව දිනයයි.

මෙදින ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් ප්‍රේරිතව අපරිමිත තථාගත ගුණකදම්භයන් අනුස්මරණය කරමින් ශ්‍රී සද්ධර්මයේ සංස්පර්ශයෙන් ජිවිත අලෝකමත් කර ගැනීමට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම සැදැහැති ලෝක වාසී බෞද්ධ ජනයාගේ සිරිතයි.

හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇති වීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්‍රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.

වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජිවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අපි සැවොම ජිවත් වන බව නොරහසකි.

අද්‍යතනය වන විට ඇති වී ඇති බල ශක්ති අර්බුදය ඇතුළු ලාංකේය සමාජ විචල්‍යතාවන් ද මනාව හඳුනාගෙන ඡන්දය, ද්වේශය, භය, මෝහය යන සතර අගතීන්ගෙන් වියුක්තව මෙත්තා, කරුණා මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවෙහිලා ප්‍රමුඛත්වය ලබා දෙමින් ස්වර්ථ - පරාර්ථ සාධනයෙහිලා තත්පරව කටයුතු කිරීමට සමස්ත ලක්වාසීන් මෙම වෙසක් පුන් පොහෝ දිනයේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.

තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍ය පුත්‍රයා අමතා දේශනා කරන්නට යෙදුණු පරිදි "යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් මහා සංඝ රත්නය කෙරෙහිත් කරුණු දැන ඇති කරගත් නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වේද, සමාධිය පිණිස හේතු වන ආර්ය කාන්ත ශීලයෙන් යුක්ත වේද හෙතෙම නිවනට නැඹුරු වූයේ වෙයි" යන උතුම් සම්බුද්ධෝපදේශයෙහි පිහිටා සිය ජීවිත කුසලාංගයන්ගෙන් පෝෂණය කර ගැනිමට වීර්ය වන්තව කටයුතු කිරීමට සැමට ශක්තිය ධෛර්යය සැලසේවා යි ප්‍රාර්ථනා කරන අතර ම, රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සැමට ධර්මාලෝකයෙන් ප්‍රභාවිත සිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ආශංසනය කරම්හ.

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී