header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉදිරි වසර 5 තුළ මිහිතලයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු
May 28, 202605:01 PM
ඉදිරි වසර 5 තුළ මිහිතලයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු
Mobitel 1278

ඉදිරි වසර පහ තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළම මට්ටම්වලට ආසන්න වනු ඇතැයි පුරෝකථනය කරන බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අනෙකුත් කලාපවලට වඩා ආක්ටික් කලාපයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවය.

උෂ්ණත්වය සහ වර්ෂාපතනය පිළිබඳ කලාපීය අනාවැකි ඉදිරිපත් කරන මෙම වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂික ගෝලීය සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය 1850-1900 පූර්ව කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට වඩා 1.3°Cත් 1.9°Cත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ පර්යේෂණ විද්‍යාඥ Melissa Seabrook සඳහන් කළේ "ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ රඳවා ගැනීමට ඇති අවස්ථාව වේගයෙන් ගිලිහී යමින් පවතින බව විද්‍යාත්මකව ඉතා පැහැදිලියි" ලෙසය.

2015 පැරිස් ගිවිසුමේදී රජයන් පොරොන්දු වූයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මික මට්ටමට වඩා 1.5°C ඉක්මවා යාම වැළැක්වීමට උත්සාහ කරන බවය.

එම සීමාව ඉක්මවා ගියහොත් දරුණු දේශගුණික විපර්යාසයන්ගේ තීව්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි සැලකේ.

2024 වාර්තාගත උණුසුම්ම වසරේ වාර්තාව බිඳ වැටෙන ලකුණු

2026 සහ 2030 අතර කාලය තුළ අවම වශයෙන් එක් වසරක් හෝ ගෝලීය මතුපිට උෂ්ණත්වය 1850-1900 සාමාන්‍ය මට්ටමට වඩා 1.5°C ඉක්මවා යාමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව අදාළ වාර්තාව පෙන්වා දී තිබේ.

එය ලොව උණුසුම්ම වසර ලෙස වාර්තා වූ 2024 වසරේ උෂ්ණත්වය ද අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ පර්යේෂණ විද්‍යාඥ Melissa Seabrook සඳහන් කළේ " සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ රඳවා ගැනීමට ඇති කාලය වේගයෙන් සීමා වෙමින් පවතින බව විද්‍යාත්මකව ඉතා පැහැදිලියි" ලෙසය.

වඩාත් දරුණු කාලගුණික තත්ත්වයන්

ඉදිරි වසර පහ තුළ උතුරු අර්ධගෝලයේ ආක්ටික් ශීත ඍතු උෂ්ණත්වය ගෝලීය සාමාන්‍යයට වඩා 3.5 ගුණයකටත් වඩා වැඩි වේගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය 1991-2020 මූලික මට්ටමට වඩා වඩා 2.8°Cකින් පමණ ඉහළ යනු ඇත.

ඉදිරි අර්ධ දශකය තුළ මාර්තු මාසයේදී බැරන්ට්ස් මුහුද (Barents Sea), බෙරිං මුහුද (Bering Sea) සහ ඔකොට්ස්ක් මුහුදේ (Sea of Okhotsk) ආක්ටික් මුහුදු අයිස් දියවී යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ආක්ටික් කලාපය උණුසුම් වීම නිසා කාලගුණ පද්ධතීන්ට බාධා එල්ල විය හැකි අතර, විශේෂයෙන් ලෝකයේ උතුරු ප්‍රදේශවල වඩාත් දරුණු කාලගුණික තත්ත්වයන් ඇති වීමට එය හේතු විය හැකි බව ද සඳහන්.

ඉදිරි ශීත ඍතු පහ තුළ උතුරු අර්ධගෝලයේ වඩාත් වැසි සහිත කාලගුණයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මැයි-සැප්තැම්බර් මාසවලදී උතුරු යුරෝපය, ඇලස්කාව, සයිබීරියාව සහ සහෙල් (Sahel) කලාපවලට අධික වැසි සහිත කාලපරිච්ඡේදයන් ඇති විය හැක.

එමෙන්ම මෙම කාල වකවානුවේදී ඇමසන් කලාපයට වියළි කාලගුණයක් පුරෝකථනය කර ඇත.

මෙම වසරේ ශීත ඍතුවේදී ප්‍රබල 'එල් නිනෝ' තත්ත්වයක් ද පුරෝකථනය කර ඇති අතර, එය 2027 දක්වා පැවතිය හැකි බවත් පැසිෆික් සාගරය උණුසුම් වීම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය වාර්තාගත මට්ටමකින් ඉහළ යා හැකි බවත් සඳහන්.

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ