
හැටන් ෆෝඩයිස් වතුයායේ පෙර පාසලක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් එහි වහළයට දැඩි අලාභ හානි සිදු ව තිබේ.
ඊයේ (27) රාත්‍රී 7:30ට පමණ එම වතුයායට බලපෑ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස කඩා වැටී ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් මේ හේතුවෙන් වහලයට මෙන්ම පෙරපාසල් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ රැසකට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.
මේ අතර කඩා වැටුණු ෆයිනස් ගස කපා ඉවත් කිරීමට එහි වතු කම්කරුවන් මේ වන විට කටයුතු කරමින් සිටී.

















































