header logo
Vallibel FD
උණුසුම් පුවත්
ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්
May 28, 202608:43 AM
ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්
Mobitel 1278

ලාඕසයේ ගුහාවක් තුළ සිරවී සිටින කිමිදුම්කරුවන් හත්දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමට සහාය වන තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායමක නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් ඔක්සිජන් සිලින්ඩර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවය.

දේශීය ස්වේච්ඡා කණ්ඩායම් සහ ලාඕසයේ රාජ්‍ය මාධ්‍යයක් වන 'Lao Phattha News' වාර්තා කරන පරිදි, ලාඕ ජාතිකයින් වන මෙම හත්දෙනා මධ්‍යම ලාඕසයේ සයිසොම්බෝන් පළාතේ පිහිටි මෙම ගුහාව තුළට පසුගිය සතියේ ඇතුළු වී ඇත්තේ රන් සෙවීම සඳහාය.

කෙසේ වෙතත්, එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑමකින් ගුහාවෙන් පිටවන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මේ වන විට සිරවී සිටින පිරිසෙන් අවම වශයෙන් පස්දෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති නමුත්, ඔවුන් කිසිවෙකුත් මෙතෙක් ගුහාවේ අභ්‍යන්තර කුටිවලින් පිටතට ගැනීමට හැකි වී නැත.

"අපට හැකි තාක් දුරට ඔක්සිජන් සිලින්ඩර ණයට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. එමෙන්ම ගුහාව ඉදිරිපිට ඔක්සිජන් නැවත පුරවන මධ්‍යස්ථානයක් (Oxygen refilling station) පිහිටුවීමට ද අප බලාපොරොත්තු වෙනවා," යැයි තායි ස්වේච්ඡා නායක කෙන්කාඩ් බොන්කවොන්ග් (Kengkard Bongkawong) සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, සිරවී සිටින පිරිසෙන් කොපමණ සංඛ්‍යාවක් සොයාගෙන ඇත්ද යන්න පිළිබඳව ස්වේච්ඡා කණ්ඩායම් එකිනෙකට වෙනස් වාර්තා සපයයි.

තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායම් බදාදා ප්‍රකාශ කළේ පස්දෙනෙකු සොයාගෙන ඇති බවයි.

නමුත් ලාඕසයේ "Rescue Volunteer for People" සංවිධානය කියා සිටියේ හත්දෙනාම සොයාගෙන ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව පසුවන බවය.

මෙම තොරතුරු මෙතෙක් ස්වාධීන පාර්ශවයන් මඟින් තහවුරු කරගෙන නොමැත.

පසුගිය ඉරිදා සිට තායිලන්ත ස්වේච්ඡා සේවකයන් ද මෙම මුදාගැනීමේ මෙහෙයුමට එක්ව සිටිති. ඒ අතර, 2018 වසරේදී උතුරු තායිලන්තයේ ගංවතුරට හසු වූ ගුහාවකින් පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ ලෝක ප්‍රකට මෙහෙයුමට දායක වූ කිමිදුම්කරුවෙකු ද සිටියි.

එම 2018 වසරේ මෙහෙයුම ලෝකයේම දැඩි අවධානයට ලක් වූ අතර, ඒ සඳහා බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය කිමිදුම්කරුවන්, අමෙරිකානු මිලිටරි නිලධාරීන් සහ තවත් ජාත්‍යන්තර සහාය විශාල වශයෙන් ලැබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්