header logo
SLIC
උණුසුම් පුවත්
චීන ජාතිකයින්ගේ පැමිණිල්ලෙන් එළියට ආ වැලිකඩ OICගේ සැබෑ ස්වරූපය
May 27, 202608:36 PM
චීන ජාතිකයින්ගේ පැමිණිල්ලෙන් එළියට ආ වැලිකඩ OICගේ සැබෑ ස්වරූපය
Mobitel 1278

චීන ජාතිකයන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබේ.

රාජගිරිය ප්‍රදේශයේදී ඉකුත් මැයි 2 වැනිදා චීන ජාතිකයන් පිරිසක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සයිබර් අපරාධ සිදුකිරීමේ චෝදනා යටතේය.

කෙසේවෙතත් ඒ අතර සිටි චීන ජාතිකයන් 19 දෙනෙකු පලාගොස් තිබුණේ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබියදීය.

පසුව ඔහු සමීප සබඳතාවක් පැවැත් වූ කාන්තාවක් හරහා අදාළ චීන ජාතිකයන් සම්බන්ධ කරගෙන, ගුවන් ගමන් බලපත්‍ර නිදහස් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ඒ පිළිබඳව චීන ජාතිකයන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති අතර, පොලිස්පතිවරයා එම පැමිණිල්ල පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කර තිබේ.

ඒ අනුව ඉකුත් මැයි 17 වැනිදා එම කාර්යාංශ නිලධාරීන් වැලිකඩ පොලිසිය පරීක්ෂා කර ඇති අතර, එහිදී ස්ථානාධිපතිවරයා අදාළ ගුවන්ගමන් බලපත්‍ර තොගය ලොකරයක තිබී විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇත.

පසුව එම විමර්ශන භාරව සිටි වැලිකඩ පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ඒ පිළිබඳව ප්‍රකාශ සටහන්කරගෙන ඇති අතර, එහිදී ඔවුන් පවසා ඇත්තේ, ස්ථානාධිපතිවරයා අදාළ ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් නොකර ඔහු සතුව තබාගත් බවය.

එමෙන්ම ස්ථානාධිපතිවරයා සූක්ෂ්ම ලෙස පසුගිය 20 වැනිදා බී වාර්තාවක් හරහා අදාළ ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇතැයිද විමර්ශනවලදී අනාවරණවී තිබේ.

ඒ අනුව නීතිවිරෝධි ලෙස අන්සතු ගුවන්ගමන් බලපත්‍ර තොගයක් තමන් සතුව තබාගැනීම, සාපරාධි සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අද වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු වසර 2ක පමණ කාලයක් වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර, එම කාලය තුළදී ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් පොලිස් නිලධාරීන් 20ක් පමණ සේවය හැරගොස් ඇති බවට තොරතුරු වාර්තාවන බව පොලිසිය පැවසීය.

එමෙන්ම අදාළ නිලධාරියා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිය සමීප හිතවතෙකුයැයි නිතර පවසන බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට