header logo
SLIC
උණුසුම් පුවත්
සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීමට ධර්මාධිකරණය යළි පිහිටුවීමේ තීරණයක්
May 27, 202604:49 PM
සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීමට ධර්මාධිකරණය යළි පිහිටුවීමේ තීරණයක්
Mobitel 1278

මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත 'ධර්මාධිකරණයක්' නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී අද (27) පස්වරුවේ ආරම්භ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ධර්මාධිකරණයක් පිහිටුවීම සඳහා ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේගේ නියෝජනයත්, නීතිපතිතුමත් සහ රජයේ පාර්ශවේ නියෝජනයත් ඇතිව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරු අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවය.

ඒ අනුව, ඉතා ඉක්මනින් සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන නීති සම්පාදනය කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

"අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා, යමක් නැසෙන්න, ඒ තුළින්ම උපදවිය හැකි අනතුරක් තිබෙන බව. උන්වහන්සේ ඒක තිබෙන බව දැක්කා. දැකලා මගෙන් ඉල්ලුවේ මොකක්ද? 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබාදෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලා විසිනුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා නැවත මෙම 41 සහ 42 වගන්ති සංශෝධනය කරලා දෙන්න කියලා.

අපේ කැබිනට් මණ්ඩලයේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතිතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කළා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට, ව්‍යවස්ථාවකට ගෙන එන සංශෝධනයක්, අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක්විය යුතුයි. මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා.

මේ නීතිය පැනවීම අපේ මූලික නීතීන් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් යම් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. පසුගියදා අපේ අස්ගිරි මල්වතු සියම් නිකායේ පාර්ශවයන් වගේම, රාමඤ්ඤ මහා නිකායත්, අමරපුර මහා නිකායේ ලේඛාධිකාරී හාමුදුරුවන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමඟ සාකච්ඡා පවත්වන්න මම යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපේ හාමුදුරුවන් වහන්සේලා මට කිව්වා ඉතාම සුහදව පැවතුනු බවත්, අපි අවසන් එකඟතාවයකට එළඹීමට හැකියාව ලැබුණු බවත්.

ඒ නිසා අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ නියෝජනයත් නීතිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අදියරේ තිබෙන්නේ. අපි ඉතා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කරලා දෙන්නම්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි