header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්
May 27, 202601:57 PM
පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්
Mobitel 1278

දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, මෙම වැඩසටහන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය පෙරේදා 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ටියර් ‘ඒ‘ සහ ටියර් ‘බී‘ තරගාවලි නියෝජනය කරනු ලබන පාසල් නියෝජනය කරමින් පුහුණුකරුවන් 74 දෙනෙකු සහභාගී වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා විසින් පැය දෙකක විශේෂ දේශනයක් පවත්වන ලද අතර, නවීන පුහුණු ක්‍රමවේද සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ වටිනා දැනුමක් ඔහු විසින් හුවමාරු කරන ලදී.

ළමයින්ට ක්‍රිකට් කුසලතා ඉගැන්වීමේදී මිත්‍රශීලී හා සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද කර්ස්ටන් මහතා අවධාරණය කළේය.

එසේම, සාර්ථක ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් තමන්ගේම දැනුම සහ කුසලතා නිරන්තරයෙන් සංවර්ධනය කරගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ජයග්‍රහණවලට පමණක් අවධානය යොමු නොකර, දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු පාසල් පුහුණුකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම වැඩසටහන සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් මහතා සහ ජාතික පන්දු රැකීම හා ස්පින් පන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි මහතාද එක්ව සිටි අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ විශේෂඥ දැනුමද සහභාගී වූ පුහුණුකරුවන් සමඟ බෙදාහදා ගන්නා ලදී.

එමෙන්ම, වැඩසටහන තුළ ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වුණු අතර, ඒ හරහා පුහුණුකරුවන්ට ගැරී කර්ස්ටන් මහතා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පද්ධතිය තුළ උසස් දැනුමක් සහ කුසලතා සහිත පුහුණුකරුවන් බිහිකිරීමේ අරමුණින්, මෙම වැඩසටහන ඉදිරියටත් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..