මාස තුනකට පසු ඉරානයට නැවතත් අන්තර්ජාල ප්‍රවේශය

මාස තුනකට පසු ඉරානයට නැවතත් අන්තර්ජාල ප්‍රවේශය

May 26, 2026   10:24 pm

මාස තුනකට පමණ පෙර කපා හරින ලද ඉරානයේ අන්තර්ජාල ප්‍රවේශය නැවත යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන උප ජනාධිපතිවරයාගේ X සටහනක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කර ඇත.

මැදපෙරදිග යුද සමය ආරම්භ වීමත් සමග පසුගිය පෙබරවාරි මස 28 වැනි දින ඉරාන රජය අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවනු ලැබීය.

ඔත්තු බැලීම, සයිබර් ප්‍රහාර වැළැක්වීම අරමුණු කරගනිමින් අන්තර්ජාල ප්‍රවේශය කපා හැරිය බව ඉරාන රජය එහිදී සඳහන් කළ අතර මෙම අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීම ලොව පුරා මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික අන්තර්ජාල වසා දැමීමක් බවද සඳහන් වේ.