header logo
SLIC
උණුසුම් පුවත්
ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි - මහ බැංකු අධිපති
May 26, 202603:02 PM
ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි - මහ බැංකු අධිපති
Mobitel 1278

ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන්නේ වෙළඳපොළ පොලී අනුපාතය ඉහළ දැමීම වන බවය.

එනම් අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය යම් ආකාරයකට අඩු කිරීම මෙහි අපේක්ෂාව වන බවද නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම ආර්ථිකයේ කිසිදු හැකිලීමක් මේවන තෙක් සිදුව නොමැති බවත් ඊළඟ වාරික දෙක තුළ ද ආර්ථිකය වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

''ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීමෙන් වෙළඳපොළ පොලී අනුපාතයත් ඒ විදියට වැඩි වෙන්න ඕනනේ. ඒ වැඩි වීම තුළින් ණය ලබා ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ණය ලබා ගැනීම අඩු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ආර්ථිකය වර්ධනය වෙනවා තාම. එතකොට ඊළඟ වාරික දෙකේදීත් ආර්ථිකය වර්ධනය වෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයක හැකිලීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ ආර්ථිකය සීයට හතරකින් වර්ධනය වුණා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැකිලීම කියන්නේ ආර්ථිකය සෘණ වෙනවා කියන එක. 2022 සිද්ධ වුණේ ආර්ථික හැකිලීම. ඒ අවස්ථාවේ අපට සංචිත තිබ්බෙත් නෑ. රුපියල් තිබ්බෙත් නෑ රජයට. විනිමය අනුපාතය පාලනයක් නැතුව යනවා. ආයෝජන ආනයනය කරන බඩු මුකුත් නැතුව රට ලොකු අර්බුදයක තිබිච්ච වෙලාවකනේ. එතකොට ඒ වෙලාවේ ආර්ථිකය මුදල් ප්‍රතිපත්තිය සීයට හතකින් නෙවෙයි සීයට පහළව දාසය වෙනකම් වැඩි වුණානේ. ඒකෙන් ආර්ථිකය යම්කිසි ආකාරයක සංකෝචනය කිරීමෙන් තමයි ස්ථාවර තත්වය ලබා ගන්න පුළුවන් වුණේ. මේ අවස්ථාවේ එහෙම වෙන්නේ නැහැ. ආර්ථික දිගටම වර්ධනය වෙන ගමන් තමයි යම්කිසි ආකාරයට වැඩිපුර තියෙන ඉල්ලුම පාලනය කිරීම තුළින් තමයි මේක යන්නේ... 2023 සහ 2024 විශේෂයෙන් මැදභාගේ ඉඳලා මේ වෙනකම්ම තාමත් සීයට පහක වර්ධනයක් වුණා.. ඒ කියන්නේ ඒක උඩට යනවා කියන එකනේ. පල්ලෙහාට නෙවෙයිනේ යන්නේ. අර නෙගටිව් කියන්නේ කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ පල්ලෙහාට යන එක. මේක උඩට යන්නේ. මේ වෙනකන් ගිහිල්ලත් තියෙන්නේ උඩට. මේක දිගටම යන්නෙත් ඒ විදිහට තමා''

මේ අතර වාහන මිලදී ගැනීමට ණය ලබා ගැනීමේ දී අලුතින් එක් කළ බදු හේතුවෙන් වෙළෙඳපොලේ කෘතිමව වාහන මිල ගණන් ඉහළ යා හැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

එහිදී ණය වැඩිපුර ගැනීමට සිදු වීම හරහා ණය ලබා ගත් පුද්ගලයාට අනවශ්‍ය ණය බරක් දැරීමට සිදු වන බව ද මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

එම තත්ත්වය ණය ලබා ගන්නා පුද්ගලයාට මෙන්ම ණය ලබා දෙන බැංකුවට ද අවධානම් සහගත තත්ත්වයක් විය හැකි බැවින් එකී අවධානම අවම කිරීම සඳහා 50%ක් දක්වා තිබූ අනුපාතය 40%ක් දක්වා පහළ දමා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට