header logo
SLIC
උණුසුම් පුවත්
සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
May 26, 202602:41 PM
සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
EDEX

දේශීය බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින් “සුරකිමු ලංකා” නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොසිල ඉන්ධන මත මෙරට බලශක්ති සැපයුම වැඩි වශයෙන් රඳා පැවතීම, වියළි කාලගුණික තත්ත්වයන්, භූ දේශපාලනික අස්ථාවරතා හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිවන බාධා සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්ඡාවචනය වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි අභියෝග එල්ල වී ඇති බව රජය පෙන්වා දෙයි.

එමෙන්ම ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට අතිරේක පීඩනයක් එල්ල කරන අතර, විදුලි පාරිභෝගිකයන්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව ද එය තවදුරටත් තීව්‍ර කර ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, වැඩි පුනර්ජනනීය බලශක්ති ජනනයක් පවතින කාලවලදී විදුලි පරිභෝජනය ඒ සඳහා යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව රජය අවධාරණය කරයි.

මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය,බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය සහ මහජනතාව එක්ව “සුරකිමු ලංකා” බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අදාළ යෝජනාව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට