header logo
SLIC
උණුසුම් පුවත්
කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් - පාකිස්තානය
May 26, 202602:39 PM
කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් - පාකිස්තානය
EDEX

පාකිස්තානය කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව මෙරට පාකිස්තාන මහකොමසාරිස් Major General Dr Nayyar Naseer මහතා පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තාන මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (25) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදි අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාකිස්තානය, ලොව පස්වෙනි තැනට සත්ත්ව නිෂ්පාදනයෙන් ඉදිරියෙන් සිටින බැවින් ඒ ආශ්‍රිත දැනුම සහ කෘෂි නිෂ්පාදන සම්බන්ධ දැනුම සහ සහාය ලබා දීමට සුදානම් බවය.

එමෙන්ම ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පාකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බවත්, ඒ සඳහා ඉතා උවමනාවෙන් සිය රට සූදානම් වෙමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

“පළමුවෙන් මෙම අවස්ථාව සලසා දීම සම්බන්ධ‍යෙන් ස්තූතිවන්ත වෙනවා. පාකිස්තානයත් කෘෂිකාර්මික රටක් හැටියට ශ්‍රී ලංකාවත් කෘෂිකාර්මික රටක් නිසා රටවල් දෙක අතර අන්‍යෙන්‍ය වශයෙන් උදව් කරගැනීමේ හැකියාව තියෙනවා. පාකිස්තානය කියන්නේ ලෝකයේ පස්වෙනි තැනට සත්ත්ව නිෂ්පාදනය පැත්තේ ඉන්න රට. කිරි නිෂ්පාදනය අතින් පස්වෙනි තැන ඉන්නවා. ඒ නිසා රටවල් දෙක අතර ඒ පැත්තෙන් සම්බන්ධතාවයක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්න සූදානම්.

පාකිස්තානයේ තියෙනවා සීනි නිෂ්පාදනය. ඒ වගේම එළවළු නිෂ්පාදනය. පලතුරු ආදී සෑම අංශයක්ම ඉහළ මට්ටමින් තියෙනවා. අපේ රටේ හොඳ වර්ගවල බාස්මතී ප්‍රභේද හදලා තියෙනවා. ශ්‍රී ලංකාවට ගැලපෙන බාස්මතී වර්ග හදාගන්න හැකියාවක් තියෙනවා. පාකිස්තානයේ ඉහළ තත්ත්වයේ ඉතා රසවත් අඹ වර්ගයක් තියෙනවා.

2010 වර්ෂයේ සිට අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නම ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කළා. ජලය තිබුණට බෙදා හැරීමේ ගැටළු පවතිනවා. ඒ තත්ත්වය පානීය ජලය බෙදා හැරීමට වගේම වාරිමාර්ග ක්ෂේත්‍රයටත් බලපෑම් එල්ල කරනවා. පාකිස්තානය කෘෂිකර්මාන්තය සහ සත්ව නිෂ්පාදනය අතින් ඉදිරියට ඇවිත් තියෙනවා.

ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පාකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි. අපි ඒ සඳහා ඉතා උවමනාවෙන් සූදානම් වෙනවා. මම ආරාධනා කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයාට අගමැතිතුමිය සමඟ මේ සංචාරය සඳහා එක්වන්න කියලා. එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක පකිස්තානයට ඇවිත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ඇතිකරගෙන තියෙන දියුණුව දැකගන්න කියලා මම ආරාධනා කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට