header logo
SLIC
උණුසුම් පුවත්
නිරිතදිග මෝසමේ නොපෙනෙන අවදානමක්
May 26, 202601:16 PM
නිරිතදිග මෝසමේ නොපෙනෙන අවදානමක්
Mobitel 1278

ඕනෑම ඉදිකිරීමක් සිදුකිරීමට පෙර අදාළ ආයතනවලින් අවසර ඇතිව නිසි ක්‍රමවේදයක් යටතේ ඉදිකිරීම් සිදුකිරීමෙන් ඉදිරියේ දී සිදුවිය හැකි ආපදා මඟහරවා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දිවයින තුළ සක්‍රීයවන නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය ගැන දැනුවත් කිරීම සඳහා දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් සිදුකර ඇත්තේ නිසි අවසරයකින් තොරව බවය.

මෙම ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දී ඇත්තේ ග්‍රාමීය ජනතාව බවත් එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදාළ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ නොදැනුවත්කම බව ද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

"නායයෑමේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක හයයි. ඊට අමතරව දිස්ත්‍රික්ක අටයි. එතකොට දිස්ත්‍රික්ක දාහතරක ප්‍රදේශයක් ආවරණය වෙනවා. එතනදී අපි ගත්තොත් එහෙම 20%ක ප්‍රමාණයක් ජනගහනයෙන් 30%ක විතර අපි ජීවත් වෙනවා මේ ප්‍රදේශයේ. ඇත්තටම දැන් ලංකාවේ නීතියක් තියෙනවා අපි මොනයම් ආකාරයක හෝ කටයුත්තක් කරනවා නම්, අදාළ පළාත් පාලන ආයතනයෙන් අපි ඒකට අවසරයක් ලබා ගත යුතුයි. අපි එහෙම අවසර ගන්නේ නැතුව තමා ගොඩක් වෙලාවට ලංකාව තුළ මං හිතන්නේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කරලා තියෙනවා. ග්‍රාමීය මට්ටමෙන් ජීවත් වෙන ජනතාව බොහෝ වෙලාවට රටේ පවතින නීති සම්බන්ධව දැනුවත්භාවය අඩුයි. එතකොට රජයේ ආයතනවලට වගකීමක් තියෙනවා ජනතාව දැනුවත් කිරීමට...කඳුකරයේ විශේෂයෙන්ම."

"ලංකාවේ පවතින ඉඩම් සම්බන්ධව අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ජීවත් සුදුසු ඉඩම් ලංකාවේ බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඒක නිසි ලෙස කළමනාකරණය කර ගත යුතුයි. ජනතාව තමන්ට හිතුන හිතුන තැන්වල ජීවත් වෙනවා."

"ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඇවිල්ලා භූමිය සම්බන්ධව වාර්තාව ලබා දෙනවා. ඇත්තටම මේ වාර්තාව ලබාගත යුතුයි. මොකද අපි ජීවිත කාලයම හරි හම්බකරගත්ත ධනය තමා මේ සම්බන්ධව අපි යොමු යොදවන්නේ. එතකොට ඉතාම සුළු මොහොතකින් ඒ සියලු දේවල් අපිට නැති වී යාමේ හැකියාව පවතිනවා."

"ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදයට ජනතාව අනුගත කළ යුතුයි. ඒ ඊට පස්සේ ජනතාව එම ක්‍රමවේදය පිළිපදිනවාද කියන එක අපි පසු විපරම් කළ යුතු වෙනවා. මොකද අපේ රටේ ගොඩක් වෙලාවට පසු විපරම් කියන කතාවක් නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නෛතික අයිතිය තියෙන්නේ එම ස්ථානය පරීක්ෂාවට ලක් කරන්න. ඒ අනුව වාර්තාව ලබාදිය හැකියි. අපිට කොහොමද කරන්නේ කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒක කරනවාද නැද්ද කියන එක බලන්න ඕන පළාත් පාලන ආයතනය සතු වගකීමක්."

"ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ යම් ආකාරයක ඉදිකිරීමක් කරනවා නම්, ඉදිරියට ඔබ සැලසුම් කරනවා නම්, ඒ සම්බන්ධව අදාළ ආයතනවල උපදෙස් ලබාගෙන, එම උපදෙස් මත එම කටයුත්ත කරන්න. එතකොට ඔබට යම් ආකාරයක ආරක්ෂිත තත්ත්වයක් එතනදී තිබෙනවා."

"අපේ විද්‍යාඥයන් ගිහිල්ලා, අපේ නිලධාරීන් එම සමස්ත ස්ථානය බලලා ලබා දෙන්නේ ඒ උපදෙස්. එතකොට ඒ සම්බන්ධව ඇත්තටම නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ට අවශ්‍ය කරන උපදෙස් ලබාගෙන එම කටයුත්ත කරනවා නං මෙම අනතුරුදායක තත්ත්වයෙන් අපිට මඟ හැරීමට බොහෝ විට අවස්ථාවන් තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට