header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නිරිතදිග මෝසමේ නොපෙනෙන අවදානමක්
May 26, 202601:16 PM
නිරිතදිග මෝසමේ නොපෙනෙන අවදානමක්
Mobitel 1278

ඕනෑම ඉදිකිරීමක් සිදුකිරීමට පෙර අදාළ ආයතනවලින් අවසර ඇතිව නිසි ක්‍රමවේදයක් යටතේ ඉදිකිරීම් සිදුකිරීමෙන් ඉදිරියේ දී සිදුවිය හැකි ආපදා මඟහරවා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දිවයින තුළ සක්‍රීයවන නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය ගැන දැනුවත් කිරීම සඳහා දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් සිදුකර ඇත්තේ නිසි අවසරයකින් තොරව බවය.

මෙම ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දී ඇත්තේ ග්‍රාමීය ජනතාව බවත් එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදාළ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ නොදැනුවත්කම බව ද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

"නායයෑමේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක හයයි. ඊට අමතරව දිස්ත්‍රික්ක අටයි. එතකොට දිස්ත්‍රික්ක දාහතරක ප්‍රදේශයක් ආවරණය වෙනවා. එතනදී අපි ගත්තොත් එහෙම 20%ක ප්‍රමාණයක් ජනගහනයෙන් 30%ක විතර අපි ජීවත් වෙනවා මේ ප්‍රදේශයේ. ඇත්තටම දැන් ලංකාවේ නීතියක් තියෙනවා අපි මොනයම් ආකාරයක හෝ කටයුත්තක් කරනවා නම්, අදාළ පළාත් පාලන ආයතනයෙන් අපි ඒකට අවසරයක් ලබා ගත යුතුයි. අපි එහෙම අවසර ගන්නේ නැතුව තමා ගොඩක් වෙලාවට ලංකාව තුළ මං හිතන්නේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කරලා තියෙනවා. ග්‍රාමීය මට්ටමෙන් ජීවත් වෙන ජනතාව බොහෝ වෙලාවට රටේ පවතින නීති සම්බන්ධව දැනුවත්භාවය අඩුයි. එතකොට රජයේ ආයතනවලට වගකීමක් තියෙනවා ජනතාව දැනුවත් කිරීමට...කඳුකරයේ විශේෂයෙන්ම."

"ලංකාවේ පවතින ඉඩම් සම්බන්ධව අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ජීවත් සුදුසු ඉඩම් ලංකාවේ බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඒක නිසි ලෙස කළමනාකරණය කර ගත යුතුයි. ජනතාව තමන්ට හිතුන හිතුන තැන්වල ජීවත් වෙනවා."

"ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඇවිල්ලා භූමිය සම්බන්ධව වාර්තාව ලබා දෙනවා. ඇත්තටම මේ වාර්තාව ලබාගත යුතුයි. මොකද අපි ජීවිත කාලයම හරි හම්බකරගත්ත ධනය තමා මේ සම්බන්ධව අපි යොමු යොදවන්නේ. එතකොට ඉතාම සුළු මොහොතකින් ඒ සියලු දේවල් අපිට නැති වී යාමේ හැකියාව පවතිනවා."

"ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදයට ජනතාව අනුගත කළ යුතුයි. ඒ ඊට පස්සේ ජනතාව එම ක්‍රමවේදය පිළිපදිනවාද කියන එක අපි පසු විපරම් කළ යුතු වෙනවා. මොකද අපේ රටේ ගොඩක් වෙලාවට පසු විපරම් කියන කතාවක් නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නෛතික අයිතිය තියෙන්නේ එම ස්ථානය පරීක්ෂාවට ලක් කරන්න. ඒ අනුව වාර්තාව ලබාදිය හැකියි. අපිට කොහොමද කරන්නේ කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒක කරනවාද නැද්ද කියන එක බලන්න ඕන පළාත් පාලන ආයතනය සතු වගකීමක්."

"ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ යම් ආකාරයක ඉදිකිරීමක් කරනවා නම්, ඉදිරියට ඔබ සැලසුම් කරනවා නම්, ඒ සම්බන්ධව අදාළ ආයතනවල උපදෙස් ලබාගෙන, එම උපදෙස් මත එම කටයුත්ත කරන්න. එතකොට ඔබට යම් ආකාරයක ආරක්ෂිත තත්ත්වයක් එතනදී තිබෙනවා."

"අපේ විද්‍යාඥයන් ගිහිල්ලා, අපේ නිලධාරීන් එම සමස්ත ස්ථානය බලලා ලබා දෙන්නේ ඒ උපදෙස්. එතකොට ඒ සම්බන්ධව ඇත්තටම නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ට අවශ්‍ය කරන උපදෙස් ලබාගෙන එම කටයුත්ත කරනවා නං මෙම අනතුරුදායක තත්ත්වයෙන් අපිට මඟ හැරීමට බොහෝ විට අවස්ථාවන් තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ