header logo
SLIC
උණුසුම් පුවත්
2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීමට මුදල් කාරක සභාවේ අනුමතිය
May 26, 202612:08 PM
2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීමට මුදල් කාරක සභාවේ අනුමතිය
Mobitel 1278

2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීමට මුදල් කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපතිත්වය දරන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, සභාපතිවරයාගේ නොපැමිණීම දන්වා තිබූ බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

2025 වර්ෂය සඳහා අත්තිකාරම් “බී” ගිණුම් 169ක් මෙන්ම ගබඩා, වෙළඳ සහ විශේෂ අත්තිකාරම් ගිණුම් 11ක් සඳහා 2025 අංක 3 දරන විසර්ජන පනතේ තුන්වන උපලේඛනය යටතේ සීමාවන් නියම කර ඇත.

අදාළ වර්ෂය තුළදී උද්ගත වූ අවශ්‍යතාවන් අනුව එලෙස නියම කර ඇති සීමාවන් සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති අංක 1 සිට 44 දක්වා වන නියෝග මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය සඳහා මෙලෙස ඉදිරිපත් කර තිබුණි.

මේ අනුව එම නියෝග දීර්ඝව සලකා බැලීමෙන් අනතුරුව, පහත දැක්වෙන අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

1. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම් - නියෝග අංක 1 සිට 36 දක්වා

2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අත්තිකාරම් ගිණුම - නියෝග අංක 37

මෙහිදී 2023 වසරේ භාවිතය සඳහා වන ඇතැම් ශ්‍රේණිවල නව විෂය නිර්දේශ මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ ප්‍රමාදය සහ විවෘත තරඟකාරී ලංසු කැඳවීම් යටතේ මුද්‍රණය පිරිවැය අඩු වීම අත්තිකාරම් ගිණුම් සීම‍ාවන් අඩුවෙන් භාවිත වීමට මූලික හේතුව බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මොඩියුල ස්ථීර කිරීම සහ පෙළපොත් මුද්‍රණය කිරීම අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ සැලසුම් කිරී‍මක් සහතික කිරීමේ අවශ්‍යතාවය ද කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

3. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගබඩා අත්තිකාරම් ගිණුම (පුපුරණ ද්‍රව්‍ය) - නියෝග අංක 38

4. ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගන්නා ලද හා රාජසන්තක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ අත්තිකාරම් ගිණුම - නියෝග අංක 39

5. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වෙනත් ආණ්ඩු වෙනුවෙන් ගෙවීම සඳහා අත්තිකාරම් ගිණුම - නියෝග අංක 40

6. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ගොවිපල නඩත්තුව හා බීජ අලෙවිය අත්තිකාරම් ගිණුම - නියෝග අංක 41

7. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම - නියෝග අංක 42

මෙහිදී අමතර කොටස් විශාල තොගයක් ලේඛනගත ක්‍රමයට අකාර්යක්ෂමව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාව සිය කණගාටුව පළ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

වඩාත් කුඩා තොගයක් පවත්වාගනිමින් කළමනාකරණය කිරීම සහ එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

8. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ගබඩා අත්තිකාරම් ගිණුම - නියෝග අංක 43

9. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළ වැඩ අත්තිකාරම් ගිණුම - නියෝග අංක 44,

මෙම රැස්වීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ නියෝජනය කරමින් අදාළ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට