header logo
Vallibel FD
උණුසුම් පුවත්
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් - දිලිත්
May 24, 202608:27 PM
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් - දිලිත්
Mobitel 1278

මේ මොහොතේ වූවද රට භාර ගැනීමට සූදානම් බවත්, පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

“කැක්කුම Sri Lanka - Mingle with Dilith” විශේෂ හමුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී Acacia Campus Theatre ශාලාවේදී ආරම්භ විය.

සර්වජන බලය සහ මෙල්බර්න් සහෝදරත්වය (Melbourne Solidarity) එක්ව සංවිධාන කළ මෙම හමුව සඳහා මෙල්බර්න් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

"ඔබ දන්නවා අද ඩොලරය මේ වේගයෙන් උඩට යන්නේ ඇයි කියලා. ඒක ඕන බබෙකුට තේරෙනවා. මේක ගල්ෆ් යුද්ධය නිසා සිදු වුණු දෙයක් නෙමෙයි. සුළු බලපෑමක් තිබුණත්. අපි ඩොලර් වලින් ගෙවලා රුපියල් වලින් අයකරගෙන බදු, ප්‍රාථමික ගිණුමට දාගෙන , ප්‍රාථමික ගිණුමේ අපිට රුපියල් වලින් ට් රිලියන එකයි දශම දෙකක් තියෙනවා කියලා පාරම්බානකොටම සියලු දෙනා දැනගත යුතුව තිබුණා අපි මේ ඉඟුරු දීලා තමයි මිරිස් අරන් තියෙන්නේ කියලා. කේන්ද්‍රීය උපාය මාර්ගික වැඩපිළිවෙලක් නැති, කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට රටක් ජයග්‍රහණය කරා ගෙනියන්නට බැහැ. අවුරුදු පහ ඉන්න පුළුවන්. හැබැයි රටට සුගතියක් වෙන්නේ නැහැ. අපි වලට වැටෙන එක විතරයි වෙන්නේ."

ප්‍රශ්නය - මේ රටේ කැක්කුම හොඳ කරගන්න ඔබතුමා මේ යන ගමන තනියමද යන්නේ නැත්නම් වැඩපිළිවෙලක්, කණ්ඩායමක් සමගද කියලා දැනගන්න කැමතියි.

"පෞද්ගලිකව මා දිහා බලන්න එපා. ඒ නිසා තමයි, අපේ දේශපාලන ව්‍යාපාරය අර සාම්ප්‍රදායික මේ නායකයා, කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාරයකට නෙමෙයි සර්වජන බලය ඉන්නේ. ඒක නිසා, අපේ ආකෘතියම වෙනස්. අපි සැලකිලිමත්, අපිත් එක්ක එකතුවෙන කණ්ඩායම් ගැන. නමුත් සාම්ප්‍රදායික දේශපාලනයත් එක්ක මුසු වුණු අපේ නැවුම් අපේක්ෂාවන් සමඟ එකඟ වෙන්නත් පුළුවන් අන්තිමට ඡන්ද ගන්නත් පුළුවන්, වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. ඒක නිසා අපි ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන තමයි මේ ගමන යන්නේ."

ප්‍රශ්නය - දැන් අවුරුදු පහෙන් පහට මිනිස්සු මේ දේශපාලන කතා වලට අහුවෙලා, ඒ එකසිය පනස් නමයක් හරි, දෙසිය විසිපහම හරි බහුතරයක් දීලා, ආණ්ඩුව පත් කරාට පස්සෙත්, ඒ මිනිස්සුන්ගේ විශ්වාස කරපු දේවල් ඉටුවෙන් නැති වුනහම, මිනිස්සුන්ට එන්නේ මාරම තරහක්. ඉතින් මම දිලිත් අයියගෙන් අහන්න කැමතියි, ඔබතුමාට බහුතරය හම්බුනා පස්සේ ඔබතුමත් ඔය දෙන පොරොන්දු ඉටු කරන්න බැඳිලා ඉන්නවද? එහෙම නැත්නම් මාස දෙකක් විතර ගියාට පස්සේ ඔය කියන කතා වෙනස් කරලා අර පරණ පුරුදු එකේම ඉස්සරහට යනවද? එහෙම වුනොත් මට වෙන්නේ ඔබතුමාටත් විඩියෝ හදන්න.

"ඒක නිසාම තමයි අපි පොරොන්දු දේශපාලනයක් කරන්නේ නැත්තේ. මොකද පොරොන්දුවක් දුන්න ගමන්ම අහනවා ඒක වෙන්නේ කොහොමද කියලා. ඔය අලුත් පරම්පරාව කිසි දෙයක් අපි කිව්ව පලියට විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ අහනවා ඒ ලොජික් එක මොකක්ද කියලා. ඒකේ පිටිපස්සේ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකම නිසා තමයි අපි මේ ලොජිකල් සීක්වන්ස් එකක් තියෙන වැඩ පිළිවෙලක් අරගෙන ගිහිල්ලා අමාරුවෙන් මාර්කට් කරන්න හදන්නේ. මීට වැඩිය පහසු මාකටින් දේවල් තියෙද්දී. අපිටත් පුලුවන් විශාල මඩ ව්‍යාපාරයක් පමණක්ම කරලා සෑහෙන ජනතා ප්‍රසාදයක් මේ අවස්ථාවේදී කොහොම වුණත් අපිට හේතුවක් නැහැ බොරු කියලා ඡන්දේ අරගෙන අමාරු රස්සාවක් කරන්නට ඔය තැනට ගිහිල්ලා. ඒක නිසා අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි ඉන්නේ ඔබ ඉන්න පරාසයේ සතුටු දැයක් හදන්නට. ඉතින් සතුටු දෑයක් නෙමෙයි ඒක එහෙම වුණොත්. "

ප්‍රශ්නය - මේ අවස්ථාව හම්බුණොත් දෙදහස් විසිනමය වෙනකම්ම ඉන්නේ නැතුව ඔයාට ඔෆර් වුණොත් එහෙම ජනාධිපතිකම වෙන්න පුළුවන්නේ. මේ දවස්වල තියෙන ක්‍රයිසිස් එක. දැන් පටන් අරගෙන තියෙන්නේ. මේක කොහොමද ඔයා ටැකල් කරන්නේ?

"වැඩ පිළිවෙලක් නැතුව වැඩේ භාරගන්න නරකයි. දැන් හැබැයි අපිට දැන් දුන්නොත් දැන් කරනවා. අද දුන්නොත් අද කරලා පෙන්නනවා. ඒක කරන්න. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුලට ගියොත් ඒක ඉතාම සරලයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් එක මත එන පීඩනය අංක එක. ඒක පිළිගන්නට ඕන. මේක තමයි අංක එක. දැන් අපේ ආර්ථිකයට එන පීඩනය මේක. දැන් මේක කළමනාකරණය කරගන්න නම් පළවෙනියටම කරන්න ඕන මොකක්ද මේ අවස්ථාවේදී සැබෑ, අවංක, විශ්වාසවන්ත, දෙබසක් ජනතාව ඒක අරඹන්නට ඕනේ. මොකද අද නැතිවෙලා තියෙන්නේ මේ රටට නායකත්වය ගැන තියෙන විශ්වාසය මිසක් ඩොලර් නෙමෙයි. ගොඩනැගිය යුතු මේ විශ්වාසය ගොඩනගන්නට පුළුවන් පැය ගානක් ඇතුලත සත්‍ය කතා කරලා ජනතාවත් එක්ක සංවාදයකට යන්නට ඕන. දැන් නැවතත් පාරම්බානවා නම් නැවතත් ඩොලර් නැතිවීමට හේතුව වෙන කවුරුහරි කෙනෙක් කියලා කියනවා නම් ඒක ගොඩ දාන්න බැහැ."

"ඒක අංක එක. අනිත් එක තමයි ණය හිමියන්ට ඕන විදියකට ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් හරියට බැංකුව, බැංකුවට ඕන විදියට අපි ව්‍යාපාරය කරගෙන යනවා වගේ. අපි තේරුම් ගන්නට ඕන අපේ ණය හිමියන් අපිට වඩා අසරණ තත්ත්වයක ඉන්නවා. අපෙන් ණය අය කර ගැනීම එතකොට මේ එක තමයි අපි පාවිච්චි කරලා නැත්තේ. මම අයි. එම්. එෆ්. විරෝධියෙක් නෙමෙයි. නමුත් මම කියන්නේ අයි. එම්. එෆ්. එක මේ ගෙනියන ප්‍රෝග්‍රෑම් එක තුල තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක කරගන්නට තරම් වූ ශක්තියක්, පෞරුෂයක්, දැනීමක් නොමැති වීමෙන් තමයි මේ අද අර්බුදයට ලොකුම හේතුව."

https://www.youtube.com/watch?v=5n8O74HJ8xw&t=47s
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට