header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි
May 23, 202609:51 PM
සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි
Mobitel 1278

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් ජාතිකයින් 700කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (23) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මොවුන් අතරින් බොහොමයක් චීනය, වියට්නාමය, ඉන්දියාව, කාම්බෝජය වැනි රටවල්වලින් පැමිණ ඇති බවය.

ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔවුන් අතරින් ඇතැම් පාර්ශ්වයන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම යමකිසි පාර්ශ්වයක් හෝ පිරිසක් තමන්ගේ ස්ථානයක කුලී පදනම මත පැමිණෙන්නේ නම් එම සියලු පාර්ශ්වයන්ගේ තොරතුරු ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධයෙන් රහසිගත විමර්ශන ආරම්භ කරනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ විදෙස් රටවල්වලින් පැමිණ මෙරට තුළ සයිබර් අපරාධ සම්බන්ධ වංචනික කටයුතු සිදු කිරීම මේ වන විට අභියෝගයක් බවටද පත්ව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා,

"මේ වන විට විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් 700කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවුණා. මොවුන් ඉන්දියාව, චීනය, වියට්නාමය, කාම්බෝජය වැනි මේ සියලු රටවල්වල සිට පැමිණි අය. ඔවුන්ගෙන් සැකකරුවන් බොහොමයක් නැවත එම රටවල්වලට පිටුවහල් කිරීමට කටයුතු කරලා තියෙනවා. මින් කිහිප දෙනෙක් පරිගණක අපරාධ සම්බන්ධයෙන් වැරදිවලට සම්බන්ධ වූ අය. ඔවුන් සම්බන්ධව මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා.

ඔබගේ වසමේ, ඔබගේ නිවසක්, හෝටලයක්, හෝ ඕනැම ස්ථානයක් යම් කිසි පාර්ශ්වයකට කුලියට දෙනවානම් ඒ කුලියට දිම පිළිබඳව ඒ සියලු අයගේ අනන්‍යතාව පිළිබඳව ළඟම තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කිරීමේ හැකියාවක් පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ තිබෙනවා. පොලීසිය විසින් ඒ සෑම තොරතුරක් සඳහාම රහසිගත විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. අපිට ඇත්තටම මේක අභියෝගයක් විශේෂයෙන්ම විදෙස් රටවලින් ඇවිල්ලා මෙවැනි අපරාධයන් සඳහා පෙළඹවීම."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana