header logo
SLIC
උණුසුම් පුවත්
තද වැසි තවදුරටත් - ගංඟා කිහිපයක් සුළු ගංවතුර මට්ටමේ
May 22, 202607:17 PM
තද වැසි තවදුරටත් - ගංඟා කිහිපයක් සුළු ගංවතුර මට්ටමේ
Mobitel 1278

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද (22) රාත්‍රියේදී සහ හෙට (23) දිනයේදී බස්නාහිර හා සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගතවූ පැය 24 තුළ මිලිමීටර 336.5ක් වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කෑගල්ල පඹේගම වතුයායෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ප්‍රදේශ කිහිපයකින් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කිරිඳිවැලෙන් මිලිමීටර 332ක් අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායෙන් මිලිමීටර 291.5ක් කලටුවාවෙන් මිලිමීටර 237ක් ලබුගමින් මිලිමීටර 224.4ක් සහ හංවැල්ලෙන් මිලිමීටර 216ක වර්ෂාපතනයක් වාර්තා වූ බවය.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන 10ට නිකුත් කළ නිවේදනයෙන් අනතුරු අඟවා තිබුණේ ඉදිරි පැය 48 තුළ කැලණි ගංගා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රදේශ ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දුනි.

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වුණි.

ඒ අනුව කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබුණි.

පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවී පවතී.

හංවැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගය පූගොඩ නගරයෙන් යටවීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වුණි.

පවතින අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දූනමලේ මිනුම් මධ්‍යස්ථානයට අනුව මිලිමීටර් 200 ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවත් ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් ගම්පහ, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජා ඇල කටාන, දිවුලපිටිය හා වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්දී තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මීරිගම මීගමුව ප්‍රධාන මාර්ගයේ මැල්ලවගෙදර ප්‍රධාන පල්ලිය ඉදිරිපිට පාලම සම්පූර්ණයෙන්ම කඩාගෙන ගොස් තිබුණි.

ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

අධික වර්ෂාව හේතුවෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 3ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 4ක් වසා දැමීමට කලාප අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබුණි.

පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී ඇති අතර එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගැනුණි.

එමෙන්ම ධාරාණිපාත වර්ෂා තත්ත්වය හමුවේ පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවූ අතර ඇතැම් මාර්ගවලට ගස් කඩා වැටී ඇති ආකාරය ද දක්නට ලැබුණි.

හලාවත ප්‍රදේශ කිහිපයක් හරහා අද අලුයම හමාගිය සුළි සුළඟකින් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට ගලහිටියාව ප්‍රදේශයෙන් විශාල ගසක් කඩාවැටී තිබුණි.

සුළඟින් පුත්තලම ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදුවී ඇත.

මේ අතර පන්නල කුලියාපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබුණි.

පන්නල වැටකෙයාව ශ්‍රී බිම්බාරාමයේ බෝධීන් වහන්සේට ද හානි සිදුවී ඇති අතර රන්වැට ඇතුළු කොටස් කිහිපයකටම හානි සිදුව තිබුණි.

පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගත්තේය.

ඒ අනුව කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක් සඳහා තුන්වන මට්ටමේ එනම් “ඉවත්වීමේ රතු නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දෙවන මට්ටමේ “අවධානයෙන් සිටින්න” නායයෑම් අනතුරු ඇඟවීම්, දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කෙරුණි.

මීට අමතරව විමසිල්ලෙන් සිටින්නැයි දන්වමින් පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ගම්පහ, කළුතර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහාය.

මෙවන් පසුබිමක කොස්ගම පොහොරබාව ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට අද පස් කන්දක් නාය ගොස් තිබුණි.

නායයෑමෙන් නිවසේ බිත්ති කඩාවැටීමෙන් ඊට යටවූ නිවසේ නිදා සිටි 65 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද රාත්‍රියේ සහ හෙටත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි ඇතිවන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට