header logo
SLIC
උණුසුම් පුවත්
පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් තත්ත්වයක් ගැන අනාවරණයක්
May 22, 202605:56 PM
පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් තත්ත්වයක් ගැන අනාවරණයක්
Mobitel 1278

පාසල් සිසුන් අතර මේ වන විට වෛරස් මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

ප්‍රථමයෙන්ම දෙනියායෙන් වාර්තා වූ මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්ත්වය මේ වන විට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව දියතලාවෙන් රෝගීන් 28ක්, වැලිමඩෙන් 13ක් සහ රිකිල්ලගස්කඩින් රෝගීන් 25ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් වන බවත් මේ සම්බන්ධයෙන් වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ‍යකින් යුතුව කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම රෝගය පාසල් ළමුන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර තද උණ, හිසරදය, වමනය මෙහි රෝග ලක්ෂණ වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කර සිටියේ මෙම රෝගී තත්ත්වය නිසි ප්‍රතිකාර ලැබීමෙන් සුව වන අතර ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා,

''මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා.. දෙනියායෙන් තමා මුලින්ම දැක්කේ.. මේ වනවිට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩවල යන රෝහලවලත් වාර්තා වෙනවා.. මේ ගැන වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ සහ ආවේෂණ කටයුතු සිදු කළා.. ඒ වගේම මේක වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් කියලා තහවුරු වෙලා තියෙනවා. මෙම රෝගය පාසල් ළමුන් අතර තමා ව්‍යාප්ත වෙලා තියෙන්නේ.. මේකේ රෝග ලක්ෂණ තද උණ, හිසරදය, වමනය.. මෙම රෝගයට බදුන් වූ රෝගීන් හැමදෙනාම පාහේ රෝහල්වෙත යොමුවෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර එක්ක දවස් 5 -7ත් තුළ මෙම රෝගය සුව වෙනවා.. ඒ නිසා අනිසි බියක් ඇති කර ගන්න එපා.. මෙම රෝගය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ.. සියලු රෝගීන්ට නිසි අයුරින් ප්‍රතිකාර කරනවා.. කාටවත් බරපතළ නෑ.. පවතින වර්ෂාව හා වෙසක් සමයේ තියෙන දන්සල් එක්ක අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න කියලා.. ඒ වගේම මේ රෝහ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.. විශේෂයෙන්ම මෙම රෝගය අපවිත්‍ර වූ ජලයෙන් සහ ආහාරවලින් පැතිරෙන නිසා සැලකිලිමත් වෙන්න.. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න.. කොහොම වුණත් විශේෂයෙන්ම අපි පාසල් ආශ්‍රිතව හොඳ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරනවා මෙම රෝගය පැතිරීම අවම කරන්න''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට