
ඉන්දියාවට තාප තරංග තත්ත්වයකින් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
මේ හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බව ද සඳහන් වෙයි.
මෙම තාප තරංග තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් දක්වා ඉහළ යා හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
මේ අතර, අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල සෙවන සහිත ස්ථාන හෝ නිවාස තුළ කාලය ගත කරන ලෙස එරට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දී තිබේ.
උෂ්ණත්වය ඉහළ අගයක් සටහන් වන ප්‍රදේශවල පාසල් නිවාඩු ලබා දීමට ද එරට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති බව ද සඳහන් වෙයි.

















































