header logo
SLIC
උණුසුම් පුවත්
වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්
May 21, 202602:16 PM
වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්
Mobitel 1278

වෙසක් සතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

මෙම කාලසීමාව තුළ සැදැහැවත් බෞද්ධ ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වීමත්, වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රර්දර්ශනය, බැති ගී සන්දර්ශන, දන්සල් ආදිය සංවිධානය කිරීමත් සිදුකරනු ලබයි.

එහිදී එම ස්ථානවල ඇති වන රථවාහන ‌තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්‌ග ගැනීමට පොලිස්පතිවරයා විසින් මේ වන විට සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

එසේම සියළුම පොලිස් වසම් තුළ දිවා / රාත්‍රී ජංගම සංචාර, පාමුර සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සහ දේපොළ වල ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම බැතිමතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාව උදා කර දීම ශ්‍රී ලංකා පොලිසියේ අපේක්ෂාව වේ.

මෙම වෙසක් උත්සව සමයේ පූජනීයත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගි වන බැතිමතුන්ට පීඩාකාරි වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලීසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්‌ග ගැනීමට කටයුතු කරනු ලබය.

එබැවින් වෙසක් උත්සව කාලසීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

*වෙසක් උත්සවයේ උත්කෂවත් ‌බවට හා පූජනීයත්වයට හානිවන අයුරින් සිදුකරන ඔළුබක්කන් නැටීම, මුහුණ ආවරණ පැළඳ විකාර රූපීව හැසිරීම හා විකෘති වෙස්ගත් සර්දශ වලින් වැළකී සිටීම.

*අන් අයට බාධා වන සහ පීඩාකාරී වන ලෙස අධික ශබ්ද නිකුත් වන නලා වාදනය කරමින් පොදු ස්ථානයන්හි හැසිරීමෙන් වැළකීම.

*දන්සල් හා තොරණ අසල අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ උත්සවයට නොගැලපෙන ගීත ප්‍රචාරය කිරීමෙන් වැළකීම.

*ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අන් අයට බාධා නොවන පරිදි කටයුතු කිරීම මෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව අවසර ලබා ගනිමින් එම කටයුතු සිදුකිරීම.

*වෙසක් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් බැහැරව කටයුතු කිරීම.

*දන්සල් පවත්වන කණ්ඩායම් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම.

*රථවාහන ධාවනයට බාධා නොවන පරිදි හා මාර්ග තදබදයක් ඇති නොවන පරිදි දන්සල් අසල පෝලිම්වල රැදී සිටින ජනතාව හැසීරවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

*මාර්‌ග අවහිරතා සිදුවන අයුරින් මාර්‌ගය දෙපස වාහන ගාල් කිරීමෙන් වැළකීම.

*අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කිරීම.

*අධික තදබදයන් පවතින ස්ථාන වලදී කුඩා දරුවන් හා වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.

*රන් ආභරණ හා තමන් සතු වටිනා භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම.

*සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව නිතරන්තර අවධානයෙන් සිටිමින් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම අසල සිටින පොලිස් නිලධාරියෙකුට දැනුම්දීම.

මාර්ගයන් තුල අනතුරු අවම කර ගැනීම සඳහා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වහාම අදාළ වීඩියෝ දර්ශන අංක 070-4755600 දරණ WhatsApp දුරකථන අංකයටද, අධික දුම පිටකරමින් ධාවනය කරනු ලබන රථවාහන සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා 070 - 3500525 WhatsApp දුරකථන අංකයටද දැනුම් දීමේ හැකියාව ඇත.

තවද, යම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය සහය අවශ්‍ය වන විටකදී 118 හා 119 ක්ෂණික දුරකථන අංක භාවිතා කර ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන මෙන් ඉල්ලා සිටියි.

වෙසක් සමය තුළ සැබෑ වෙසක් අසිරිය විඳගනිමින් ආගමික කටයුතු යෙදීම සඳහා ඉහත මාර්ගෝපදේශයන්ට ගරු කරමින් වෙසක් සමය සැමරීමට එක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප