header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා
May 21, 202606:15 AM
කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා
Mobitel 1278

1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා අමෙරිකානු පුරවැසියන් ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිදුවීමට අදාළව, කියුබාවේ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝට එරෙහිව මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු බරපතළ අපරාධ චෝදනා එල්ල කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

දැනට 94 වැනි වියේ පසුවන රාවුල් කැස්ත්‍රෝ එම සිදුවීම සිදුවන අවස්ථාවේදී කියුබානු සන්නද්ධ බලකායන්හි ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

කියුබානු-අමෙරිකානු වැසියන්ගේ සංවිධානයකට අයත් මෙම යානා දෙක බිම හෙළීම සම්බන්ධයෙන් කැස්ත්‍රෝ ඇතුළු තවත් පස් දෙනෙකුට මෙලෙස නිල වශයෙන් චෝදනා එල්ල වී තිබේ.

මේ පිළිබඳව මියාමි හි 'ෆ්‍රීඩම් ටවර්' පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමෙරිකාවේ වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් මහතා ප්‍රකාශ කළේ, ගුවන් යානා විනාශ කිරීම සහ අර්මැන්ඩෝ ඇලෙජැන්ඩ්‍රේ, කාලෝස් ඇල්බර්ටෝ කොස්ටා, මාරියෝ මැනුවෙල් ඩි ලා පේනියා සහ පැබ්ලෝ මොරාලස් යන පුද්ගලයන් සිව්දෙනා ඝාතනය කිරීම වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මිනීමැරුම් චෝදනා හතරක් කැස්ත්‍රෝට එරෙහිව ගොනු කර ඇති බවය.

මෙම මිනීමැරුම් චෝදනා සඳහා අමෙරිකානු නීතිය ඉදිරියේ උපරිම දඬුවම ලෙස මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකිය.

අමෙරිකාව විසින් එල්ල කරන ලද මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට කියුබානු රජය පියවර ගෙන ඇත. වත්මන් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ප්‍රකාශ කළේ මෙය කිසිදු නීතිමය පදනමකින් තොර, හුදෙක් දේශපාලන උපක්‍රමයක් පමණක් බවය.

එසේම, එදා කියුබාව ක්‍රියා කළේ සිය දේශසීමා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්වයං-ආරක්ෂක පියවරක් ලෙස බවත්, අමෙරිකාව මෙම සිදුවීමට අදාළ කරුණු විකෘති කරමින් පවසන්නේ කියුබාවට එරෙහිව හමුදාමය ආක්‍රමණයක් දියත් කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරගැනීමට බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින වටපිටාවක මෙම චෝදනා ඉදිරිපත් වීම විශේෂත්වයකි.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකාව විසින් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝව රහස් හමුදා මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන ආ ආකාරයටම, රාවුල් කැස්ත්‍රෝ සම්බන්ධයෙන්ද ක්‍රියා කිරීමට ඉඩ ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් වරෙන්තුවක් නිකුත් කර ඇති බව අමෙරිකානු බලධාරීන් තහවුරු කර ඇත.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියුබානු ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, කියුබාවේ පවතින දැඩි ආහාර හිඟයට සහ විදුලි බිඳවැටීම්වලට වගකිව යුත්තේ එහි හමුදාව විසින් පාලනය කරනු ලබන GAESA නමැති මහා පරිමාණ ව්‍යාපාරික ජාලය බවය.

කෙසේ වෙතත්, අමෙරිකාව විසින් පනවා ඇති තෙල් සම්බාධක හේතුවෙන් මෙම අර්බුද උත්සන්න වී ඇති බව කියුබානු පාර්ශවයේ අදහසයි.

කැස්ත්‍රෝට එරෙහිව චෝදනා නිකුත් කිරීමේ නිවේදනය ඇසීමට මියාමි නුවරට රැස්ව සිටි දහස් සංඛ්‍යාත කියුබානු-අමෙරිකානු පිටුවහල් වැසියන් මෙම තීරණය ඉතා ඉහළින් අගය කළහ.

ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කළේ වසර 30 කට පසුව හෝ යුක්තිය ඉටුවීම පිළිබඳව තමන් සතුටු වන බවය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ කියුබානු රජය අමෙරිකාවේ මෙම බලපෑම් හමුවේ එතරම් පහසුවෙන් යටත් නොවනු ඇති බවත්, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියේදී තවදුරටත් දැඩි ලෙස පළුදු විය හැකි බවත්ය.

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී