header logo
SLIC
උණුසුම් පුවත්
බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්
May 19, 202604:46 PM
බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්
EDEX

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහා ඉදිරි දින තුන සඳහා අනාවැකි පල කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සුළඟේ වේගය පැ.කි.මි (40-50), විටින් විට පැ.කි.මි 60 දක්වා මෙම මුහුදු ප්‍රදේශ රළු වන බවය.

මේ අතර, ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.

ඒ අනුව, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව සඳහන් වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද සඳහන් වේ.

එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බව දැනුම් දී තිබෙ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

මේ අතර ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය අද (19) සවස 4ට නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවය.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දී ඇත.

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq7GmtxuP-SS9l_hN9ncgocXAyZF45LdbneSjMkwLDW-Hh86Komh2Mnyy41futql3X3pgLqDE8i8LZt1A3kXOQVa97yVf7ck-Q_MrBxEDP88xEX7gbFFhLshV3AFPPt3xMtVEMYWLCGrQl9SKTvOJu4MRGgqeDsVvu9O8lnNaQ2jLAJxJFd_UNONSRreix/s1600/d.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana