header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය - නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි
May 19, 202611:06 AM
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය - නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි
Mobitel 1278

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දන්වා ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුල්වීමට හැකියාව තිබුණ ද සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවේ දී 2026 වසරේ මැයි මස 05 වනදා සහ 2026 වසරේ මැයි මස 07 වන දා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

ඊට අමතරව මරණකරු පදිංචි වී සිටි නිවසේද සී.සී.ටී.වී යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම සී.සී.ටී.වී යන්ත්‍ර වලද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලීසිය මරණකරු පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදුවූ නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරාවල ද දර්ශන පටිගතවී නොමැති බව සඳහන් කර තිබේ.

අනුව අදාළ සී.සී.ටී.වී කැමරා සවිකළ සමාගමේ ඉංජිනේරුවරයා අද දින සාක්ෂියට කැඳවා තිබෙන බවත් පොලීසිය පවසා ඇත.

මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සී.සී.ටී.වී කැමරා පද්ධතිවලට අදාළ ඩී.වී.ආර් යන්ත්‍ර පොලීසිය භාරයට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

වැඩිදුටරත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත්
හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.

එම ස්ථානයේ තිබී සොයා ගත් නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 09 ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලීසිය අනාවරණය කර තිබේ.

තවදුරටත් කරුණු දැක්වූ පොලීසිය මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදු වූ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉකුත් දිනයේ නියෝග ලබා ගෙන තිබුණද ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව යළි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? " යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

ඊට පිළිතුරු දෙමින් පොලීසිය සඳහන් කළේ " ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා." යනුවෙනි.

නැවතත් පොලීසිය ඇමතු මහෙස්ත්‍රාත්වරයා " ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුනා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැඳවන්න ඕන. ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?" යනුවෙන් ප්‍රශ්න කර ඇත.

ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා සඳහන් කළේ " ස්වාමීනි... මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ" යනුවෙනි.

ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරයා "රිමාන්ඩ් බාරයට පත් කරල තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරල තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්" යනුවෙන් පවසා ඇත.

අද දින සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන් කීපදෙනෙකුම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කැඳවා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහෙස්ත්‍රාත්වරයා "අද සාක්ෂියට කිහිපදෙනෙකුම කැඳවා තිබෙනවා. ඒ හැම කෙනාගේම සාක්කි අද ගන්න බැහැනේ. අනවශ්‍ය අය මුදා හරින්න කටයුතු කරන්න. සාක්ෂිකරුවන් අතර පොලිස් නිලධාරිනුත් ඉන්නවා. ඒ අය රඳවා ගැනීම සුදුසු නෑ' යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බවත් සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී