header logo
SLIC
උණුසුම් පුවත්
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
May 18, 202605:57 PM
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
Mobitel 1278

ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් මිල ඉහළ යාම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ රුපියල මත පීඩනයක් එල්ල වී ඇති බවය.

ඔහු පෙන්වා දුන්නේ 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.8කින් අවප්‍රමාණය වී ඇති අතර, ඉන්දියානු රුපියල සියයට 6.4කින්, නේපාල රුපියල සියයට 6.2කින් සහ ඉන්දුනිසියානු මුදල් ඒකකය සියයට 5.2කින් අවප්‍රමාණය වී ඇති බවය.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන අතර, තෙල් ආනයනය මත විශාල වශයෙන් රඳා පවතින රටවල් රැසකටම පොදුවේ බලපා ඇති ගෝලීය ආර්ථික කම්පනයක ප්‍රතිඵලයක් බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වූයේ රට තුළ පැවති විශේෂිත ආර්ථික ගැටලු හේතුවෙන් බවත්, වර්තමාන තත්ත්වය ඊට වඩා වෙනස්ව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති වූ බලපෑම් සමඟ සම්බන්ධ බවත් ඔහු පැවසීය.

විනිමය අනුපාතයේ වෙනස්වීම් පමණක් පදනම් කරගෙන රටක ආර්ථිකය කඩා වැටී ඇති බවට නිගමනය කිරීම නිවැරදි නොවන බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"අපි වගේම තෙල් ආනයනයකරලා ගන්න රටවල් තියෙනවා. දැන් අපේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ මේ වසර තුළ 4.8% කින්, ඉන්දියන් රුපියල 6.4%කින්, නේපාල් රුපියල 6.2කින් ඉන්දුනිසියන් රුපියල 5.2%කින් එතකොට මේක බැලුවාම පැහැදිලිව පේනවා මේ තියෙන අවප්‍රමාණයවීම ප්‍රධාන වශයෙන්ම මේ හා සමාන අනෙක් රටවලටත් පොදු දෙයක්. එ හා සමානව මේක වෙලා තියෙන්නේ. ඊට වැඩිය වෙනස් විදිහකට නෙමෙයි. ඒකට හේතුව තමයි බහුතරයක් තෙල් සම්පූර්ණයෙන්ම ආනයනය කරලා ඒ වියදම වැඩි රටවල්.

2022 වසරේදී තිබුණ තත්ත්වයකදී වුණේ අපේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා ලංකාවට පමණක් බලපාන හේතුනිසා ඒක ගෝලිය තත්ත්වයන් නිසා නෙමෙයි. දැන්වෙලා තියෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාව තියෙන්නේ අනෙකුත් යම් කිසි ආකාරයක සංසන්දනාත්මක රටවල් අතර යම් ආකාරයක එක මට්ටමක තියෙනවා. එතකොට ඒක බාහිර කම්පන මත සිදුවන දෙයක්.

අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට විනිමය අනුපාත මත සමහර විශ්ලේශකයෝ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, අපි දකිනවා විනිමය අනුපාත අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එක. අපේ ප්‍රධාන මාධ්‍යවේදීයෝ එහෙම කරන්නේ නැහැ. දැන් ඉන්දියානු රුපියල ඉතිහාසයේ අඩුම අගයේ තියෙන්නේ, ඉන්දුනිසායානු රුපියල අද දිනයේ ඉතිහාසයේ අඩුම අගයට වාර්තා වෙලා තියෙනවා. නමුත් එකෙන් කියන්නේ නැහැ, ඒ රටවල ආර්ථිකය කඩා වැටෙනවා, අවිනිශ්චිතයි කියලා. ඒක වැරදි මතකයක්. විනිමය අනුපාතයක් දිහා බලලා රටක ආර්ථිකය හොඳද නරකද කියලා කියන්න අමාරුයි. එකේ දෙපැත්තක් තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප