
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අද (17) ප.ව. 3ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොළ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට දුර්වල වී ඇත.
එම නිසා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලටත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලටත් එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව නිවේදනයේ සඳහන් වෙයි.
මෙය එම පද්ධතිය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන අවසන් නිවේදනය බවද සඳහන් වෙයි.

















































