
උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවර පැවැත්වෙන මධ්‍යම හා දකුණු ආසියානු සත් සාමාජික (CASA 7s) රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (17) සමත්විය.
මූලික වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 33-12ක් ලෙස පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිවිය.
අවසන් තරගය ඉන්දීය කණ්ඩායම සමගින්ම පැවැත්වීමට නියමිත අතර, එම තරගය මෙරට වේලාවෙන් අද (17) ප.ව. 5.35ට ආරම්භවීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය සඳහා මධ්‍යම ආසියාව නියෝජනය කරමින් කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානයද, දකුණු ආසියාව නියෝජනය කරමින් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව සිටියි.

















































